Home » පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාජබ පොරොන්දුව දේශපාලන ගේමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාජබ පොරොන්දුව දේශපාලන ගේමක්

by sachintha
April 19, 2024 1:30 am 0 comment

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ සැබෑ මහ මොළකරුවන් රටට හෙළිදරව් කරන බව කියා ජනතාවට බොරු පොරොන්දු දී දේශපාලන උවමනාවන් ඉටු කරන්නට ජාතික ජන බලවේගය කටයුතු කරන්නේ නම් එය හෙළා දකින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

වින්දිතයන්ට සාධාරණය ඉටු කරන්නට අවංක චේතනාවෙන් කටයුතු කරයි නම් ඒ ගැන සතුටට පත් වන බව ද හෙතෙම කීවේය.

සමගි ජන බලවේගය ආණ්ඩුවක් යටතේ පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට විශේෂ විමර්ශන කොමිසමක් පත් කරන බවත් ව්‍යාවස්ථා ප්‍රතිපාදන ප්‍රකාරව අණ පනත්වලට අනුව එය සිදු කරන බවත් හෙතෙම කීවේය.

මේ වන විට ජනාධිපති නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් පිරිසකගෙන් යුක්ත කණ්ඩායමක් විසින් ඊට අදාළ කටයුතු සිදු කරමින් සිටින බව කී ඒ මහතා එම කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් 7 දෙනකුගේ සිට 9 දෙනකු දක්වා පත් කිරීමට නියමිත බවත් එහි ජාත්‍යන්තර විනිසුරුවරුන් දෙදෙනකු, ජාත්‍යන්තර විමර්ශකයකු ජනාධිපති නීතිඥවරයකු ඇතුළු සාමාජිකයන් පත් කරන බවත් කීවේය. එහි සභාපතිවරයා ලෙස මෙරට විනිසුරුවරයකු පත් කිරීමට නියමිත බවත් කීවේය.

ජාතික ආරක්ෂාවට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පවතින නීති අනුව හැකියාවක් නැහැ. ඒ අනුව නීති වෙනස් කර කටයුතු කළ යුතුයි. එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපතිවරයාගේ ඍජු මැදිහත් වීම මත කටයුතු කිරීමටත් විශේෂ විමර්ශන කොමිසමේ කටයුතු මාස 6ත් – 8ත් අතර කාලයකින් අවසන් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ කටයුතු සඳහා විශේෂ කාර්යාලයක් ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා යැයි ද ඒ මහතා කීවේය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT