Thursday, May 2, 2024
Home » තහනම් හා විදත් දැල්වලින් මසුන් මැරූ අයෙක් නාවික හමුදාවට කොටු

තහනම් හා විදත් දැල්වලින් මසුන් මැරූ අයෙක් නාවික හමුදාවට කොටු

by sachintha
April 19, 2024 1:46 am 0 comment

යාපනයේ කට්ටිකාඩු ප්‍රදේශයේ මුහුදේ තහනම් විද්‍යුත් දැල් හා උපකරණ භාවිත කරමින් නීති විරෝධී ලෙස මසුන් මරමින් සිටි පුද්ගලයකු වෙත්තිලකේණී නාවික හමුදා නිලධාරීන් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු විසින් මසුන් මැරීම පිණිස උපයෝගී කර ගන්නා ලද බෝට්ටුවක් ද විද්‍යුත් දැල් , තහනම් දැල් ඇතුළු ආම්පන්න රැසක් ද නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා නිලධාරීන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගන්නා විට ඔහු මසුන් කිලෝ ග්‍රෑම් 60ක පමණ තොගයක් එම තහනම් දැල් හා උපකරණ භාවිත කොට අල්ලාගෙන සිටි අතර, එම මසුන් නාවික හමුදාව විසින් මුහුදට දමා විනාශ කරනු ලැබ තිබිණ. අත්අඩංගුවට ගත් පුද්ගලයා කට්ටිකාඩු ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර, ඔහුගේ භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය නාවික පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව පියවර ගත්තේය.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT