Home » හිඟුරානේ අඩු ආදායම්ලාභීන්ට වියළි සලාක

හිඟුරානේ අඩු ආදායම්ලාභීන්ට වියළි සලාක

by sachintha
April 19, 2024 1:46 am 0 comment

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිඟුරාන උත්තර ජයමහා විහාරාධිපති හිඟුරානේ සිරිධම්ම නායක හිමියන්ගේ අවවාද අනුශාසනා මත හිඟුරාන, කරලෑව, සමගිපුර යන ගම්මානවලින් තෝරා ගන්නා ලද අඩු ආදායම්ලාභීන් සඳහා වියළි සලාක බෙදා දීම පසුගිය 17 වැනිදා හිඟුරාන උත්තර ජයමහා විහාරස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි. මහනුවර මැදවෙල දළුක්ගල රජමහා විහාරස්ථානයේ වැඩ සිටි දැනට ජපානයේ වැඩවාසය කරන ශාස්ත්‍රවේදී ගිඩ්ඩව රාහුල නාහිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුවේ බෞද්ධ ජනතාවගේ මූල්‍ය දායකත්වයෙන් මෙසේ වියළි සලාක බෙදා දී තිබේ.

දමන සමූහ කේ.ඒ. මෛත්‍රීපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT