Home » අම්මඩුවේ විමල නාහිමිගේ ජන්ම දිනයට ලේ දන්දීමේ වැඩසටහනක්

අම්මඩුවේ විමල නාහිමිගේ ජන්ම දිනයට ලේ දන්දීමේ වැඩසටහනක්

by sachintha
April 19, 2024 1:49 am 0 comment

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රත්නපුර දිසාවේ අධිකරණ සංඝනායක, අධ්‍යාපනපති අම්මඩුවේ විමල නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් වෙරළුගහමුල ශ්‍රී ජිනේදාරාම එකමුතු සමිතිය මඟින් 8වැනි වරටත් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් එළැඹෙන 22 වෙනිදා දවස පුරා වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.

වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති, අම්මඩුවේ විමල නාහිමිගේ 67 වැනි ජන්ම දිනය මෙදිනට යෙදී ඇති අතර ශ්‍රී ජිනේන්ද්‍රාරාම එකමුතු සමිතිය විසින් වැඩසටහන් රැසක් මෙදින සංවිධානය කර ඇත. ලේ දන්දීමේ පින්කමට අමතරව මහා සඟරුවනට, දායක සැමට සහ රටට සෙත් පතා රූපවාහිනි ගුවන් විදුලි විචිත්‍ර කාව්‍ය ධර්ම දේශක, කාව්‍ය විශාරද, රාජකීය පණ්ඩිත පූජ්‍ය පැලවත්තේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ආශීර්වාදාත්මක අබ තෙල් පහන් පූජාවක් ද එදින සවස 5.00ට වෙරළුගහමුල ශ්‍රී ජිනේන්ද්‍රාම විහාරස්ථානයේදී පැවැත්වේ.

 

රක්වාන ඉන්දික සී. කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT