Home » බැඩ්මින්ටන් ශූර විරේන් නෙත්තසිංහ ඔලිම්පික් සුදුසුකම් ලබයි

බැඩ්මින්ටන් ශූර විරේන් නෙත්තසිංහ ඔලිම්පික් සුදුසුකම් ලබයි

by sachintha
April 19, 2024 1:48 am 0 comment

යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් වෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් විය. මේ වන විට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසුවන 20 හැවිරිදි විරේන් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග ඉසව්වට සුදුසුකම් ලැබූ ලොව ළාබාලතම ක්‍රීඩකයා බවට ද පත් වී සිටී.

මෙවර තරගවාරයේදී ප්‍රසාද ලකුණු 24,030ක් රැස් කරමින් පැරිස් ඔලිම්පික් උලෙළට සෘජු සුදුසුකම් ලැබූ විරේන් පිරිමි ඒකල තරග ඉසව්වට සෘජු සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 39 දෙනා අතුරින් 32 වැනි ස්ථානයට පත්විය.

විරේන් නෙත්තසිංහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන සිව්වැනි ශ්‍රී ලාංකිකයා බවට ද පත් වූ අතර ඊට පෙර නිරෝෂාන් විජේකෝන් (1992 බාසිලෝනා), තිළිණි ජයසිංහ (2012 ලන්ඩන්) සහ නිලූක කරුණාරත්න (2012 ලන්ඩන්, 2016 රියෝ ද ජැනයිරෝ, 2020 ටෝකියෝ) ඔලිම්පික් වරම් දිනා ගැනීමට සමත් වූහ.

කොළඹ සාන්ත පීතර විදුහලෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට එක් වූ විරේන් දෙස් විදෙස් බැඩ්මින්ටන් තරග බිමේ ජයග්‍රහණ රැසක් ලබා ඇති අතර ලබන ජූලි මස 26 වැනිදා පැරිස් නුවරදී ආරම්භ වන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ පිරිමි ඒකල බැඩ්මින්ටන් තරග ඉසව්වේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට සුබ පතමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විශ්වාසය පළ කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබේ.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT