Home » වත්තල ලයිසියම්-කළුතර තිස්ස අවසන් පූර්ව තරගය අද-හෙට
19න් පහළ දෙවැනි කොටසේ ටියර් ‘ඒ’

වත්තල ලයිසියම්-කළුතර තිස්ස අවසන් පූර්ව තරගය අද-හෙට

by sachintha
April 19, 2024 1:33 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ දෙදින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (19) සහ හෙට (20) මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමඟින් කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය තරග වදියි. මේ තරගාවලියේ පළමු වටයට පාසල් කණ්ඩායම් 18ක් එක් වූ අතර මේ කණ්ඩායම් දෙකම ‘එක්ස්’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

එම වටයේදී වත්තල ලයිසියම් පිල පාණදුර සාන්ත ජෝන් විදුහල පරාජය කරමින් සහ කළුතර තිස්ස පිල හා මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කරමින් මේ වටයට එක් විය. වත්තල ලයිසියම් පිල ලක්ෂිත උදේෂ් විසින් ද, කළුතර තිස්ස මැදි විදුහල් පිල හිරුෂ නෙත්සර විසින් ද මෙහෙයවනු ලබති.

වත්තල ලයිසියම් සංචිතය: ලක්ෂිත උදේෂ් (නායක), ගරුක සංකේත්, ෂානුජන් බාස්කරන්, කෙවින් පෙරේරා, ශවිඳු සිල්වා, දනිදු නවරත්න, ඔමල්ක හපුආරච්චි, තරූෂ රණසිංහ, කෙවින් පෙරේරා, සදෙව් හෙට්ටිආරච්චි, තුෂාන් ප්‍රනාන්දු, සදීෂ සිල්වා, තීක්ෂණ මදුරාවල, දිනෙව් පුංචිහේවා, නෙතුක බිනුක්, ගුවනිදු ආටිගල, ගගන් පෙරේරා, සෙනුක් නිම්සර, මංජුල ප්‍රසන්න මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), ලාල් සේනාරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), සංජය මෙන්ඩිස් මහතා (පුහුණුකරු), ඉසුරු පින්නදූව මහතා (පුහුණුකරු).

කළුතර තිස්ස මැදි විදුහල් සංචිතය: හිරුෂ නෙත්සර (නායක), ඉෂාර මලිත් (උපනායක), අශාන් විශ්ව, අජිත බුද්ධිල, හේසිත අනුහස්, මලිඳු ඩිල්ෂාන්, මිනූෂ මලිත්, මල්ෂ කවිෂාන්, රන්දික පියුම්, උමන්ත ආකාෂ්, තාරුක සමාංජිත්, තිවින් විශ්වික, සදෙව් ඩිල්ෂාන්, අශේන් ඉෂාර, සිතුම් මිහිරංග, හෂේන් ඉම්සර, චමිඳු ලක්ෂාන්, පසිඳු නේත්‍රාංජන, චමිල් විජේවර්ධන මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), රිෂාන් සජිත් මහතා (ප්‍රධාන පුහුණුකරු), හේෂාන් ලක්ෂිත මහතා (සහාය පුහුණුකරු), අවන්ත මධුසංක මහතා (පන්දු රැකීමේ පුහුණුකරු).

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT