152
මැද කොළඹ ශාසනාරක්ෂක මණ්ඩලය මඟින් දහම් පාසල් ගුරුවරුන් සඳහා පවත්වන අවුරුදු උත්සවය හෙට (21) දවස පුරා මාලිගාවත්ත ඛෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. දෙමළුස්සේ මේධංකර හිමියන් සහ කැටවල චන්ද්‍රසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙය පැවැත්වෙන අතර හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වේ. කොළඹ ප්‍රාදේශීය ලේකම් සහ සඟරුවන එදිනට සහභාගිවීමට නියමිතය.