Home » “ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” ඉදිරි තරග සියල්ල අත්හිටුවයි

“ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්” ඉදිරි තරග සියල්ල අත්හිටුවයි

by chanaka
April 21, 2024 5:36 pm 0 comment

දියලතලාව නරියා කන්දේ දී පැවැි ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලිය අතර පුද්ගලයින් 07දෙනෙකුට මරු කැදවමින් අද(21) සිදු වූ මාරාන්තික අනතුරත් සමඟ තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ ඉදිරි තරග සියල්ලම අත්හිටුවීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨය හා ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය මගින් මෙය සංවිධාන කර තිබුණි.

අනතුරින් තුවාල ලබා පුද්ගලයින් 20 දෙනෙකු නේවාසිකව රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එසේම අනතුරින් මියගිය 7 දෙනා අතර 8 හැවිරිදි දැරියක් ද වන බව පොලීසිය පවසයි.

එමෙන්ම ධාවන තරගයේ සහයකවරුන් 4 දෙනෙකු ද අනතුරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා සදහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT