Monday, May 20, 2024
Home » චීනය ගාසා තීරයට ලබා දුන් සහනාධාර ඊජිප්තුවට ළඟාවෙයි

චීනය ගාසා තීරයට ලබා දුන් සහනාධාර ඊජිප්තුවට ළඟාවෙයි

by chanaka
April 21, 2024 5:15 pm 0 comment

ගාසා තීරයේ පවතින දැඩි මානුෂීය අර්බුදය සමනය කිරීම සඳහා චීන රජය හැකි උපරිම අයුරින්, පලස්තීනයට අඛණ්ඩව සහනාධාර සැපයීමේ නිරත ව සිටී.

මේ වන විට චීනය ඊජිප්තුව හරහා ගාසා තීරයට ආහාර, ඖෂධ, ධාන්‍ය සහ වෛද්‍ය සැපයුම් වැනි හදිසි මානුෂීය ආධාර අදියර කිහිපයක් යටතේ ලබා දී තිබේ.

කූඩාරම්, බ්ලැන්කට්, කපු ඇඳුම්, වෛද්‍ය සැපයුම් සහ පිටි ඇතුළු නවතම චීන සහනාධාර තොග දෙකක් ඉකුත් 18,19 දිනවල ඊජිප්තුවට ළඟා වී තිබේ. මේවා රෆා හි වරායන් ඔස්සේ ගාසා තීරයට යැවෙනු ඇත.

ඊජිප්තුවේ පලස්තීන තානාපතිවරයා මේ සම්බන්ධයෙන් කියාසිටියේ, තම රටේ ජනතාව වෙනුවෙන් චීනය දක්වන නිරන්තර සහයෝගය හා කාරුණිකත්වයට අවංක කෘතඥතාව සහ ඉහළ ගෞරවය පුද කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT