Monday, May 20, 2024
Home » ජපන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 07ක් අතුරුදන්

ජපන් හමුදාවේ හෙලිකොප්ටර් දෙකක් උඩු ගුවනේ අනතුරක – 07ක් අතුරුදන්

by chanaka
April 21, 2024 5:07 pm 0 comment

පැසිෆික් මුහුදේ සබ්මැරීන් නිරීක්ෂණය සම්බන්ධ පුහුණු අභ්‍යාසයක නිරත වෙමින් සිටි ජපානයේ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එහිදී එක් අයෙකු මියගොස් තවත් 07 දෙනෙකු අතුරුදන්ව ඇත. ඒ අනුව අනතුරින් මියගිය එක් හමුදා සාමාජිකයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති අතර සෙසු පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව ජපාන බලධාරීන් සඳහන් කර තිබේ.

හෙලිකොප්ටර් යානා දෙක එකිනෙක ගැටී ඇති බවට සැක පළකරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT