Home » ෆොක්ස් හිල් අනතුරට දෙදෙනෙකු අත්අඩංගුවට

ෆොක්ස් හිල් අනතුරට දෙදෙනෙකු අත්අඩංගුවට

by yasara
April 22, 2024 9:50 am 0 comment

දියතලාව ෆොක්ස් හිල් මෝටර් ක්‍රොස් තරගාවලියේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් ‍මෝටර් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙයි

ඊයේ පැවති මෝටර් රථ තරගාවලියේ දී සිදුවූ බිහිසුණු අනතුරින් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 24 දෙනෙකු තුවාල ලැබීය.

මෙහිදී මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට ඇදී ගොස් තරගය නරඹමින් සිටි පිරිසේ ගැටී මෙම අනතුර සිදුවිය

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ දියතලාව පොලිසිය අනතුරට ලක්වූ මෝටර් රථ දෙකෙහි රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙයි

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය වැඩිදුරටත් පවසයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT