Home » බදුල්ලේ ගෙවල් බිඳින සොර කල්ලියක් අත්අඩංගුවට

බදුල්ලේ ගෙවල් බිඳින සොර කල්ලියක් අත්අඩංගුවට

by yasara
April 22, 2024 9:44 am 0 comment

බදුල්ල පොලිස් බල ප්‍රදේශයේ ගෙවල් බිද භාණ්ඩ සොරාගත් බව කියන හත් දෙනෙකු ගෙන් යුත් කල්ලියක් සොරාගත් ලක්ෂ 20 ක් පමණ වටිනා උපකරණ සමගින් පසුගිය (20) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ස්ප්‍රිංවැලි ,කටුපැලැල්ල ,රිදීපාන,කදන යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර තරුණයන් පිරිසක් බවද පොලිසිය කීය.

කාලයක් තිස්සේ බදුල්ල නගරය හා අවට ප්‍රදේශවල නිවෙස්වලට පැන ඒවායේ ඇති වටිනා බඩු බාහිරාදිය පැහැරගෙන යන බවට ලද  පැමිණිලි ඔස්සේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබිණ.

එම විමර්ශන වලදි ලත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරිම් වලදි ඔවුන් විසින් පැහැරගෙන ගොස් තිබු ශිතකරණ ,රෙදි සෝදන යන්ත්‍ර ,ලැප්ටොප් පරිඝනක ,පිත්තල පහන් ,පිත්තල මල් පෝච්චි  සහ ඉලෙක්ට්‍රික් උපකරණ රාශියක් කදන,ස්ප්‍රිංවැලි සහ බදුල්ල නගරයේ ස්ථාන කිහිපයක තිබි සොයාගත් බවත් එලෙස සොරාගත් භාණ්ඩ මිලදිගත් බව කියන 31 හැවිරිදි පුද්ගලයෙකු ද ඒ සමග අත්අඩංගුවට ගැනිමට පොලිසිය කටයුතු කර තිබිණ

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT