Saturday, May 18, 2024
Home » සංගීතයක් බලා එද්දී යතුරුපැදිය හැපී 16 කොල්ලා මරුට / සගයාටත් බරපතළයි

සංගීතයක් බලා එද්දී යතුරුපැදිය හැපී 16 කොල්ලා මරුට / සගයාටත් බරපතළයි

by sachintha
April 22, 2024 1:00 am 0 comment

බාල වයස්කාර ළමයින් තිදෙනෙකු සංගීත සංදර්ශනයක් නැරඹීමට රියැදුරු බලපත්‍ර නොමැතිව පැදවු යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාවතෙන් ඉවතට පැන ලයිට් කණුවක ගැටීමෙන් සිදු වු අනතුරකින් 16 වියේ පසු වූ යතුරුපැදිකරු මියගොස් තිබේ. 19 දා රාත්‍රියේ මේ අනතුර සිදුව ඇතැයි පන්සියගම පොලීසිය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම, ගල්ටැන්වැව පෙතියාගල පන්සල පාරේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ අවිශ්ක ලක්ෂාන් නැමැති වැඩිමල් සොයුරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවාය. පියා සමඟ නිවසේ වෙසෙන ඔහුගේ මව මේ වනවිට ගෘහ සේවිකා රැකියාවකට විදෙස්ගතව සිටියි. එහි පිටු පස ගමන් ගත් අනෙක් සගයා ද බරපතළ තුවාල ලබා පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. ඔහුගේ තත්ත්වය ද බරපතළ බව කියයි. ඔහු මේ වනවිට කුරුණෑගල දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද පොලීසිය කියයි.

මිතුරන් තිදෙනෙකු එක්ව පන්සියගම පොලිස් වසමේ පැවැත්වෙන සංගීත සංදර්ශනයක් නැරඹීමට 19 රාත්‍රියේදී ගොස් ඇති අතර එහිදි අන් අයෙකු සතු යතුරු පැදිය පදවා ඇත්තේ මොහු විසින් බවත්, අලි පල්ලම ප්‍රදේශයේ පටු මාවත් වංගුව හැරවීමේදි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාවතෙන් ඉවතට පැන ඇදී ගොස් යතුරුපැදිය ලයිට් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

පොල්පිතිගම නන්දන කැලේගම

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT