Home » මත් පැන් සාදය මරණයකින් අවසන් වෙයි

මත් පැන් සාදය මරණයකින් අවසන් වෙයි

by yasara
April 22, 2024 10:08 am 0 comment

මතුගම රන්නගල ඇල්ලේ දිය නෑමට ගිය අයෙක් ඊයේ ( 21)  සවස දියේ ගිලී මියගිය බව මතුගම පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ 14 ,ස්ටේඩියම්ගම ,බණ්ඩාරනායක මාවත ,අංක 475/1/පී9 ලිපිනයේ පදිංචි ඉබ්‍රාහිම් සපරුල්ලා නම් 62 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය අය මිතුරන් පිරිසක් සමග  දිය නෑමට පැමිණ මත්පැන් පානයකරමින් දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බවත් ,ඔහුව වෑත්තෑව රෝහල වෙත ගෙන ගියත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිට ඇති  බවත් මුලික පොලිස් පරීක්ෂනයෙදී හෙළිවී ඇත.

මෙම මරණය පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ මතුගම හදිසි මරණ පරීක්ෂක ගාමිණි ලියනගේ මහතා විසින් මෘතදේහය පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන  ලෙස නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත නියෝග කිරීමෙන් අනතුරුව දේහය නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇත.

මතුගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

රන්නගල ඇල්ලේ සහ ඒ අවට  මත්පැන් පානය කිරීම සහ මත්පැන් පානය කරමින් දියනෑමට නොයන ලෙස රන්නගල ඇල්ල සුරැකීමේ සංවිධානය මගින් කොතෙක් දැනුම්වත් කිරීම් සිදුකලත් එම ඇල්ලට පැමිණෙන පිරිස් එම අවවාද නොතැකීම නිසා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවන බව ප්‍රදේශවාසීන් පවසයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT