Home » ෆොක්ස් හිල් අනතුර ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

ෆොක්ස් හිල් අනතුර ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

by chanaka
April 22, 2024 11:10 am 0 comment

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය අතරතුර සිදු වූ අනතුරින් විපතට පත්වූ සියලූම පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත ශ්‍රී ලංකා යුද හමුදාව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකා යුද හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කේ.ඒ.එන් රසික කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

වසර පහක නිහඬතාවයකින් අනතුරුව ශ්‍රී ලංකා ඔටෝමොබයිල් ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය එක්ව 28වන වරටත් සංවිධානය කළ ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය මෙවර පැවැත්වුණි.

තරගාවලියේ තරග ඉසව් 24ක් අතරින් 14 වැනි තරගය ලෙස පැවැත්වුණු 1500cc ford Laser Mazda කාණ්ඩය යටතේ පැවැත්වුණු තරගය අතරතුර මෙම අනතුර සිදුවුයේ ඊයේ(21) පස්වරුවේ දීය.

මෝටර් රථයේ ධාවන පථයෙන් ලිස්සා ගොස් සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 7දෙකු ජීවිතක්ෂයට පත් වී තවත් පුද්ගලයින් 21කු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

එමෙන්ම මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT