Saturday, May 18, 2024
Home » ඔලි­ම්පික් සුදු­සු­කම් ලැබූ විරේන් නෙත්ත­සිංහ ලොව ළාබා­ල­තම බැඩ්මි­න්ටන් ක්‍රීඩ­කයා වෙයි -තවත් දක්ෂයන් හදන්න සංග­මය ඉඩ­මක් ඉල්ලයි

ඔලි­ම්පික් සුදු­සු­කම් ලැබූ විරේන් නෙත්ත­සිංහ ලොව ළාබා­ල­තම බැඩ්මි­න්ටන් ක්‍රීඩ­කයා වෙයි -තවත් දක්ෂයන් හදන්න සංග­මය ඉඩ­මක් ඉල්ලයි

by sachintha
April 22, 2024 1:31 am 0 comment

ප්‍රංශයේ පැරිස් නුව­රදී ලබන ජූලි මාස­යේදී පැවැ­ත්වෙන ඔලි­ම්පික් උලෙ­ළට ඍජු සුදු­සු­කම් ලබා­ගත් 20 හැවි­රිදි බැඩ්මි­න්ටන් ක්‍රීඩක විරේන් නෙත්ත­සිංහ ඔලි­ම්පික් උලෙළ නියෝ­ජ­නය කරන ලොව ළාබා­ල­තම බැඩ්මි­න්ටන් ක්‍රීඩ­කයා බවට ඉති­හා­ස­ගත වෙයි.
ක්‍රීඩා අමා­ත්‍යාං­ශය වැය කළ රුපි­යල් ලක්ෂ 82ක විය­ද­මින් දින 41ක් පුරා රට­වල් 11කදී එක දිගට තර­ගා­වලි නියෝ­ජ­නය කළ විරේන් මේ තරග වාරය තුළදී ලකුණු 24,050ක් රැස් කර රට­වල් 208කින් පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා­ගත් 32 වැනි ක්‍රීඩ­කයා බවට පත්විය.
වසර 2021දී ජාත්‍ය­න්තර බැඩ්මි­න්ටන් තරග නියෝ­ජ­නය කරද්දී ලෝක ශ්‍රේණි­ගත කිරීමේ 887 වැනි ස්ථානයේ සිටි විරේන් මේ වන විට එම ලෝක නාමා­ව­ලියේ 72 වැනි ස්ථානය දක්වා වේග­යෙන් ඉහ­ළට පැමිණ සිටියි. ඔලි­ම්පික් නීති රෙගු­ලාසි අනුව එක් රට­කින්, එක් ඉස­ව්ව­කට සහ­භාගි වීමට වරම් හිමි­වන්නේ ක්‍රීඩ­ක­යන් දෙදෙ­න­කුට පම­ණක් වන අතර එළැ­ඹෙන පැරිස් ඔලි­ම්පික් උලෙ­ළේදී ශ්‍රී ලංකා ධජය යටතේ ඔහු පිරිමි ඒකල අංශ­යෙන් තරග බිමට පිවිසේ.
ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනී­මෙන් අන­තු­රුව ක්‍රීඩා අමා­ත්‍යංශ ඩන්කන් වයිට් ශ්‍රව­ණා­ගා­රයේ පැවති මාධ්‍ය හමු­වේදී විරේන් නෙත්ත­සිංහ පැව­සුවේ ශ්‍රී ලංකාව වෙනු­වෙන් පද­ක්ක­මක් ජය­ග්‍ර­හ­ණය සඳහා සිය උප­රි­මය සිදු කරන බවය.
ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් සංග­මයේ සභා­පති රොහාන් ද සිල්වා මහතා පැව­සුවේ බැඩ්මි­න්ටන් ක්‍රීඩා පිටි 20ක් සහිත ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යක් ඇත්නම් ශ්‍රී ලංකා­වට ඔලි­ම්පික් ජය ගැනීම අප­හසු නොවනු ඇති බවය. “අපට රජ­යෙන් නිර­වුල් ඉඩ­මක් දෙනවා නම් තව තවත් දක්ෂ­යන් බිහි කරන්න හැකි­යාව තිබෙ­නවා. අපට අවශ්‍ය හොඳ ජාත්‍ය­න්තර පුහු­ණු­ක­රු­වෙක් හා ගෘහස්ථ ක්‍රීඩාං­ග­ණ­යක් පම­ණයි” සිල්වා මහතා පැව­සීය.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් මහා­චාර්ය (රියර් අද්මි­රාල්) ෂෙමාල් ප්‍රනාන්දු මහතා විරේන්ට සුබා­ශිං­සන එක් කළ අතර, ඔලි­ම්පික් උලෙළ දක්වා විදෙ­ස්ග­තවී පුහු­ණු­වී­මට අවශ්‍ය සහ­යෝ­ගය ලබා­දී­මට සූදා­නම් බව ද පැව­සීය. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහ­තාගේ ආශී­ර්වා­දය මේ වෙනු­වෙන් ලබා­දුන් බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා සඳ­හන් කළේය.
2012 වස­රේදී නිලූක කරු­ණා­රත්න පරි­සා­ධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලි­ම්පික් වරම් දිනා­ගත් අතර ඉන් අන­තු­රුව එවැනි දස්ක­මක් කළ ශ්‍රී ලංකා බැඩ්මි­න්ටන් ක්‍රීඩ­කයා විරේන් නෙත්ත­සිංහ පමණි.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT