Home » ට්‍රම්ප්ගේ නඩු විභාගය අතරතුර සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මිය යයි

ට්‍රම්ප්ගේ නඩු විභාගය අතරතුර සිරුරට ගිනි තබාගත් පුද්ගලයා මිය යයි

by sachintha
April 22, 2024 1:29 am 0 comment

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නඩු විභාගය පැවැත්වෙන මෑන්හට්න් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයකු සිරුරට ගිනිතබා ගෙන සිය දිවි නසාගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 37 හැවිරිදි මැක්ස්වෙල් අසාරිලෝ නමැති මේ පුද්ගලයා ගිනි තබා ගෙන ඇත්තේ ට්‍රම්ප්ගේ නඩු විභාගය සඳහා ජූරි සභාව තෝරා ගැනීම අවසන් වූ අවස්ථාවේදීය.

දැඩි ට්‍රම්ප් හිතවාදියකු බව කියන අදාළ පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු වන නඩු විභාගය කුමන්ත්‍රණයක් බවට ප්‍රකාශ කර ඇති අතර, අධිකරණය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමෙන් පසු නඩු විභාගය පිළිබඳ සටහනක් ඇතුළත් ලිපියක් ගුවනට වීසි කිරීමෙන් පසු සිරුරට ගිනි තබාගත් බව වැඩිදුරටත් වාර්තා වේ. ඔහු මියගොස් ඇත්තේ රෝහල්ගත කිරිමෙන් පසුව බව පොලිසිය සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT