Saturday, May 4, 2024
Home » පැසිෆික් සාගරයේදී ජපාන හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

පැසිෆික් සාගරයේදී ජපාන හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි

-ජපාන නාවිකයෙක් මරුට තවත් 7ක් අතුරුදන්

by sachintha
April 22, 2024 1:28 am 0 comment

 

පැසිෆික් සාගරය ඉහළ අහසේ රාත්‍රී අභ්‍යාසවල නිරතව සිටි ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් එක් නිලධාරියකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් සත්දෙනකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ද්විත්ව ඇන්ජිම් සහිත එම හෙලිකොප්ටර් යානා ටෝකියෝ නුවරට දකුණින් කිලෝමීටර් 600ක් දුරින් පිහිටි ඉසූ දූපත් අසල සබ්මැරීනවලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව පුහුණුවිම්වල නිරතව සිටියදී එම අනතුර සිදුවී ඇතැයි වාර්තා වේ.

හෙලිකොප්ටර් යානාවල සුන්බුන් සහ පියාසර දත්ත ඇතුළත් කොටස් එකිනෙකට සමීපව තිබී සොයාගෙන ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් තහවුරු වී නැති බව ජපාන ආරක්ෂක ඇමැති මිනෝරු කිහාරා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ජපාන හෙලිකොප්ටර් යානා අනතුර වෙනත් පාර්ශ්වයක පහර දීමක් බවට සැක කළ නොහැකි බවත්, එම අවස්ථාවේදී එම මුහුදු සීමාවේ වෙනත් කිසිඳු යාත්‍රාවක් හෝ ගුවන් යානයක් නොතිබූ බවත් ජපාන නාවික හමුදාව ප්‍රකාශ කළ බව වැඩිදුරටත් වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT