Home » මොරගහහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

මොරගහහේන ප්‍රදේශයේ වෙඩි තැබීමක්

by yasara
April 23, 2024 10:06 am 0 comment

මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
අද (23) අලුයම 1.50ට පමණ මීගොඩ, දෙල්කැටිය හන්දිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සූදානම් වන විට අදාළ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පොලීසිය දෙසට වෙඩි තබා මොරගහහේන ප්‍රදේශයට පලාගොස් ඇත
ඒ අනුව, අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයට මොරගහහේන මීපේ පාර, ටයර් කර්මාන්තශාලාව අසළදී කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වෙඩි තබා තිබෙයි
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව පොලිසිය සඳහන්  කරයි.
එමෙන්ම ත්‍රිරෝද රථයේ සිටි තවත් අයෙකු ඉන් පලාගොස් තිබෙයි
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42 තණමල්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ 35 හැවිරිදි පුද්ගලයෙකි අදාළ ත්‍රිරෝද රථයේ තිබී ගිනිඅවියක් සොයාගත් බව ද පොලීසිය සඳහන් කරයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT