Home » දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභවප්‍රාප්ත වෙයි

by yasara
April 23, 2024 10:31 am 0 comment

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාදයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත ඇති බව වාර්තා වෙයි.

දුම්රිය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) හා අතිරේක සාමාන්‍යාධිකාරි (යටිතල පහසුකම්) පදවි ඇතුළු දුම්රිය ක්ෂේත්‍රයේ ඉහළ පදවි රැසක් ද ඔහු විසින් හොබවනු ලැබීය.

මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලබා ඉංජිනේරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹීය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT