Home » ‘ෆොක්ස් හිල්’ අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට යුද හමුදාවෙන් කමිටුවක්

‘ෆොක්ස් හිල්’ අනතුර ගැන පරීක්ෂණ පැවැත්වීමට යුද හමුදාවෙන් කමිටුවක්

by chanaka
April 23, 2024 2:58 pm 0 comment

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙම විමර්ෂණ කමි‌‌ටුව විසින් අනතුර‌ට හේතු පාදක වූ කරුණු මොනවාද? වගකිවයුතු අයවළුන් කවුරුන්ද? තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කොට තිබුනේද? ධාවන පථයේ ප්‍රමිතිය සබැදිව වගකිව යුතු පාර්ශ්ව/ආයතන නිසි පරිදි ක්‍රියාකර තිබුනේද? සහ ඉදිරියේ දී එවැනි අනතරු සිදුවීම වළක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද? යන්න ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව සොයා බැලීමට නියමිතව ඇත.

පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් 21 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු දියතලාව මුලික රෝහලේත් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT