ඊශ්‍රායලයට ඩොලර් බිලියන 26ක ආධාර පැකේජයක් අමෙරිකාවේ කොන්ග්රස් මණ්ඩලයෙන් අනුමත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ආධාර තොගයෙන් ඩොලර් බිලියන 4ක් ඊශ්‍රායල මිසයිල ආරක්ෂක පද්ධතිය වෙනුවෙන් ද, තවත් ඩොලර් බිලියන 8ක් ගාසා තීරයට මානුෂිය ආධාර සැපයීමට සහාය දීම වෙනුවෙන් ද වෙන් කර ඇතැයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම ආධාර තොගය අනුමත කිරීම සම්බන්ධව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අමෙරිකාවට තුති පුද කර ඇතැයි ද වාර්තා වේ. ඊශ්‍රායලය ශක්තිමත් වීමෙන් අමෙරිකාව ද සුරක්ෂිත වන බවත්, අමෙරිකාව තරම් සමීප මිතුරකු ඊශ්‍රායලට නැති බවත් සඳහන් කර ඇති ඊශ්‍රායල අගමැතිවරයා අමෙරිකාව ද ඊශ්‍රායලය තරම් සමීප මිතුරකු නැති බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
216