Home » මාලදිවයින මහ මැතිවරණයෙන් ජනපති මුයිසිගේ පක්ෂයට විශිෂ්ට ජයක්

මාලදිවයින මහ මැතිවරණයෙන් ජනපති මුයිසිගේ පක්ෂයට විශිෂ්ට ජයක්

by sachintha
April 23, 2024 1:46 am 0 comment

මාලදිවයිනේ චීන හිතවාදී ජනාධිපති මොහොමඩ් මුයිසිගේ මහජන ජාතික කොන්ග්‍රසය විශිෂ්ට ජයක් අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාර්ලිමේන්තු ආසන 93 සඳහා පෙරේදා පැවැති මාලදිවයින මහමැතිවරණයේදී එරට මැතිවරණ කොමිසම නිකුත් කළ ආසන 86ක ප්‍රතිඵලවලට අනුව ආසන 66ක් මුයිසිගේ පක්ෂය දිනා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එරට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට එය ප්‍රමාණවත් වනු ඇතැයි ද වාර්තා වේ.

මෙවර මැතිවරණයේදී විරුද්ධ පක්ෂ ජයග්‍රහණය කළහොත් මාලදිවයිනට එල්ල වන චීන බලපෑම අඩුවිය හැකි බවට දේශපාලන විශ්ලේෂකයන් අනාවැකි පළ කළ ද, නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව චීන හිතවාදී මුයිසිගේ පක්ෂය වැඩි බලයක් තහවුරු කරගැනීම තවදුරටත් චීන බලපෑමට මාලදිවයින නතු වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. එරට මහමැතිවරණය පවත්වනු ලැබුවේ මීට මාස 5කට පෙර ජනාධිපතිධුරයට පත් වූ මුයිසිට සිය සභාග රජයේ සෙසු පක්ෂවල සහයෝගය අඩුවී තිබූ පසුබිමකදී බවත් වාර්තා වේ. ඉන්දීය විරෝධි පිළිවෙතක් අනුගමනය කරන ජනාධිපති මුයිසි මෙවර මහමැතිවරණයෙන් වැඩි බලයක් අත්කර ගැනීම ඉදිරියේදී මාලදිවයින සහ ඉන්දියාව අතර දේශපාලන හා ආර්ථික අර්බුද වැඩි වීමට ද හේතු වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT