Home » චීනයෙන් අභ්‍යවකාශ හමුදා මෙහෙයුම් – නාසා ආයතනයෙන් චෝදනා

චීනයෙන් අභ්‍යවකාශ හමුදා මෙහෙයුම් – නාසා ආයතනයෙන් චෝදනා

by sachintha
April 23, 2024 1:48 am 0 comment

සිවිල් මෙහෙයුම් ලෙස හඳුන්වා දෙමින් චීනය අභ්‍යවකාශයේ සිය හමුදාමය අරමුණු සිදු කරමින් සිටින බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ක්‍රියාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසත් ඔහු අමෙරිකාවට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

චීනය විසින් සිවිල් අභ්‍යවකාශ වැඩසටහන් ලෙස හඳුන්වමින් සිදු කරනු ලබන බොහෝ වැඩසටහන් හමුදාමය වැඩසටහන් බවට විශ්වාස කරන බව ප්‍රකාශ කරමින් නාසා ආයතනයේ ප්‍රධානියා සඳහන් කර ඇත්තේ ඊට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවය. පසුගිය වසර 10 ඇතුළත චීනය අසාමාන්‍ය වේගයකින් සහ රහසිගත ආකාරයකින් එම කටයුතු සිදු කරමින් සිටින බව බිල් නෙල්සන් අමෙරිකාවේ කැපිටල් හිල් හිදී නාසා ආයතනයේ 2025 මූල්‍ය වර්ෂය සඳහා අය වැය වාර්තාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාව මෙන්ම චීනය ද නැවත සඳ වෙත ගගනගාමීන් යැවීමට සැලසුම් කර ඇති අතර, අමෙරිකාවට පෙර චීනය සඳ වෙත ළඟා වුවහොත් එය චීනයට අයත් කලාපයක් බවත්, කිසිවකු ඊට ළඟා නොවන ලෙසත් ප්‍රකාශ කරනු ඇතැයි ද නාසා ආයතනයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT