Home » ‘එක්ස්’ සමාජමාධ්‍ය තහනම ඉවත් කරන්නැයි පාකිස්තානයට බලපෑම්

‘එක්ස්’ සමාජමාධ්‍ය තහනම ඉවත් කරන්නැයි පාකිස්තානයට බලපෑම්

by sachintha
April 23, 2024 1:49 am 0 comment

ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් පාකිස්තාන රජය විසින් පනවනු ලැබූ එක්ස් (ට්විටර්) සමාජ මාධ්‍යජාලා තහනම වහාම ඉවත් කරන ලෙස රජයේ හවුල්කාර පක්ෂයක් වන පාකිස්තාන මහජන පක්ෂයේ නායකයකු අගමැති ශෙබාස් ෂරීෆ්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම තහනම මඟින් පාකිස්තාන ජනතාවගේ කතා කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් බව ද පාකිස්තාන මහජන පක්ෂයේ නායකයකු වන ෆර්හතුල්ලා බාබර් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

එක්ස් සමාජමාධ්‍යය තහනම් කිරීම පාකිස්තාන රජය විසින් සමාජමාධ්‍යජාලය නියාමනය කිරීමේ අරමුණින් යුතුව සිදු කර ඇතැයි ද, එරට අන්තර්ජාලා කප්පාදු කිරීම ජනතාවගේ විරෝධයට හේතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂඥයකු වන විශ්‍රාමික මේජර් සමාර් ටූර් ‘රෙපබ්ලිකන් නිවුස් නෙට්වර්ක්‘ පුවත් සේවයට සඳහන් කර ඇත්තේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිරගත කිරීම සහ දේව අපහාස සම්බන්ධ සිදුවීම් එක්ස් සමාජමාධ්‍ය ජාලයේ සංසරණය වීම කෙරෙහි අවධානය යොමු කරමින් බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT