306
ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලි වල ජල ධාරිතාව පහල බැස ඇත.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකාර්ෂණය දිනාගෙන ඇති එම දිය ඇලි වල පහලට ඇද හැලෙන ජල ධාරිතාව අඩුවිමත් සමග එහි සුන්දරත්වයට බලපැමක් එල්ල වි ඇත.
මේ අතර ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණයත් සමග ඉහල කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහලට බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.