Home » පාණදුර ශ්‍රී සුමංගල-කළුතර තිස්ස අවසන් තරගය අද-හෙට
19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’

පාණදුර ශ්‍රී සුමංගල-කළුතර තිස්ස අවසන් තරගය අද-හෙට

by sachintha
April 24, 2024 1:04 am 0 comment

අන්තර් පාසල් අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පාණදුර ශ්‍රී සුමංගල විදුහල සහ කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල අතර අද (24) සහ හෙට (25) කොළඹ 5, ඒස් කැපිටල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ තරගාවලියට පාසල් කණ්ඩායම් 18 ක් පළමු වටයේදී කාණ්ඩ 2ක් යටතේ තරග වැදුණු අතර, එහිදී ශ්‍රී සුමංගල විදුහල ‘එක්ස්’ කාණ්ඩයේ ශූරයන් ලෙසත්, කළුතර තිස්ස විදුහල එම කාණ්ඩයේම සිව්වැනි ස්ථානයෙනුත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

අර්ධ අවසන් පූර්ව වටයේදී කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල පරාජය කළ ශ්‍රී සුමංගල විදුහල අවසන් පූර්ව වටයේදී මාතර රාහුල විදුහල පරදවමින් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, අර්ධ අවසන් වටයේදී මහනුවර විද්‍යාර්ථ විදුහල පරාජය කළ තිස්ස විදුහල් පිල අවසන් පූර්ව තරගයේදී වත්තල ලයිසියම් පිල පරදවා මේ තරගයට එක් විය.

ශ්‍රී සුමංගල විදුහල් පිල විදූෂ පීරිස් විසින් මෙහෙයවනු ලබන අතර, කළුතර තිස්ස මධ්‍ය මහා විදුහල හිරුෂ නෙත්සර විසින් මෙහෙයවයි. මේ කණ්ඩායම් දෙකම මීළඟ තරගවාරයේ සිට පළමු කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට උසස්වීම් ලබා සිටී.

පළමු වටයේදී මේ කණ්ඩායම් දෙක එකිනෙකා හමුවූ අවස්ථාවේදී පළමු ඉනිමේ ජය ලැබීමට කළුතර තිස්ස විදුහල සමත් විය.

ශ්‍රී සුමංගල විදුහල් සංචිතය: විදූෂ පීරිස් (නායක), කවිඳු ගයාත්‍ර (උපනායක), විශ්ව ළහිරු, රසික ඩිල්ෂාන්, මන්මිත කහපොළආරච්චි, අකිල වෙදමුල්ල, සෙනිර විජේගුණසිංහ, මෙවිඳු කුමාරසිරි, ක්‍රිෂාන් එරංග, නේක්ෂ ඉද්දමල්ගොඩ, ඩිනාල් වීරසිංහ, සංදීප වීරසිංහ, බිහඟ සිල්වා, අනුහස් ද සිල්වා, රුසිත් ජයවර්ධන, ප්‍රියංකර නන්දසේන (කණ්ඩායම් භාර ආචාර්ය), අසේල පෙරේරා (ප්‍රධාන පුහුණුකරු), දිනුක හොඳකන්ද (සහාය පුහුණුකරු).

කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයීය සංචිතය: හිරුෂ නෙත්සර (නායක), ඉෂාර මලිත් (උපනායක), අශාන් විශ්ව, අජිත බුද්ධිල, හේසිත අනුහස්, මලිඳු ඩිල්ෂාන්, මිනූෂ මලිත්, මල්ෂ කවිෂාන්, රන්දික පියුම්, උමන්ත ආකාෂ්, තාරුක සමාංජිත්, තිවින් විශ්වික, සදෙව් ඩිල්ෂාන්, අශේන් ඉෂාර, සිතුම් මිහිරංග, හෂේන් ඉම්සර, චමිඳු ලක්ෂාන්, පසිඳු නේත්‍රාංජන, චමිල් විජේවර්ධන (කණ්ඩායම් භාර ආචාර්ය), රිෂාන් සජිත් (ප්‍රධාන පුහුණුකරු), හේෂාන් ලක්ෂිත (සහාය පුහුණුකරු), අවන්ත මධුසංක (පන්දු රැකීමේ පුහුණුකරු).

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT