Friday, May 16, 2025
Home » දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට පහසු ජයක්

දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට පහසු ජයක්

by sachintha
April 24, 2024 1:31 am 0 comment

පන්දු යවන්නියන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර සහභාගිවූ අවසන් පුහුණු තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ඊයේ වනුවාටු පිලට එරෙහිව අබුඩාබියේ ටොලරන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් වනුවාටු පිල ඕවර 17කදී ලකුණු 58කට සීමා කළ ශ්‍රී ලංකා පිල ඕවර 8.2කදී ජය තහවුරු කර ගත්තේ කඩුල්ලක් පමණක් අහිමිව තිබියදීය.

මේ තරගයේදීත් නිත්‍ය නායිකා චමරි අතපත්තු විවේක ගෙන සිටීම හේතුවෙන් කණ්ඩායම මෙහෙයවූ අනුක්ෂා සංජීවනි හර්ෂිතා මාධවී සමඟින් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඇයගේ ඉනිම ලකණු 11කට සීමා වූවාය.

හර්ෂිතා නොදැවී ලකුණු 14ක් සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 27ක් රැස් කළහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් වනුවාටු ඉනිමේදී ලකුණු 12ක් රැස කළ වැලන්ටා ලැංගියාටු වැඩිම ලකුණුලාභිනිය වූ අතර, ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවන 15 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි ඕවර 4කදී ලකුණු 12ක් පමණක් දෙමිනි කඩුලු 3ක් බිඳ දැමූවාය. ඇයට අනගි සහායක් දුන් උදේශිකා ප්‍රබෝධනී, අචිනි කෞෂල්‍යා සහ ඉනෝකා රණවීර කඩුලු 2 බැගින් දවාගත්හ.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය හෙට (25) අබුඩාබිහිදී ආරම්භ වීමට නියමිතය.

වනුවාටු කාන්තා පිල – 58 (ඕවර 17) වැලන්ටා ලැංගියාටු 12 (ශෂිනි ගිම්හානි 12/3, උදේශිකා ප්‍රබෝධනී 8/2, අචිනි කෞෂල්‍යා 8/2, ඉනෝකා රණවීර 14/2)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT