Home » ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය සුහිරූට

ආසියානු රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා නායකත්වය සුහිරූට

by sachintha
April 24, 2024 1:32 am 0 comment

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ආසියානු 15 සාමාජික රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සුහිරූ ඇන්තනී පත් කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා නිමාවට පත් වූ අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව දිනූ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජයේ නායකයා ද වන සුහිරූ ඇන්තනී බම්බලපිටිය සාන්ත පීතර විදුහලෙන් බිහි වූ ක්‍රීඩකයකු වන අතර, අන්තර් සමාජ තරග බිමේ ප්‍රවීණයෙකි. හෙතෙම 2014 සිට 2019 දක්වා මහනුවර ක්‍රීඩා සමාජයේ කැපී පෙනෙන දස්කම් පෑ අතර, සීආර් කණ්ඩායමට එක් වූයේ 2022 වසරේදීය. පළමුවරට 2012 දී ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ සුහිරූගේ නායකත්වයෙන් නම් කළ ශ්‍රී ලංකා 15 සාමාජික රග්බි කණ්ඩායමේ උපනායකත්වයට මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රබල ක්‍රීඩකයකු වන තරින්ද රත්වත්ත පත් කර ඇත. ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතියට යොමු කර ඇති ක්‍රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද නිකුත් කිරීමට නියමිතය.

වසර 7කට පසු ආසියානු 15 සාමාජික රග්බි තරගබිමට එක්වන ශ්‍රී ලංකා පිල මෙවර පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන ආසියානු රග්බි ශුරතාවලියේ පළමු කොටසේ තරගාවලියේදී ඉන්දියාව සමඟ 30 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයට එක්වනු ඇත. තරගාවලියේ පළමු දිනය වන එදිනම පළමු අවසන් පූර්ව තරගය කසකස්තානය සහ කටාර් රාජ්‍යය අතර තරගය ද පැවත්වීමට නියමිතය. අනතුරුව මැයි මස 4 වැනිදා පස්වරුවේ අවසන් මහා තරගය පැවැත්වෙන අතර, අවසන් පූර්ව තරග වටයේ පරාජිතයෝ එදිනම තුන්වැනි ස්ථානය සඳහා තරග වදිති.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT