Home » අමෙරිකාව රහසිගතව යුක්‍රේනයට දුන් සුපිරි මිසයිල

අමෙරිකාව රහසිගතව යුක්‍රේනයට දුන් සුපිරි මිසයිල

by chanaka
April 25, 2024 1:00 pm 0 comment

රුසියානු – යුක්‍රේන යුධ උණුසුම තවත් උණුසුම් කරමින් අමෙරිකාව විසින් විශේෂ අනාවරණයක් සිදු කර ඇත.

අමෙරිකානු නිලධාරීන් තහවුරු කර ඇත්තේ තම රට සතු දිගු දුර බැලස්ටික් මිසයිල තමන් රහසිගතව යුක්‍රේනයට ලබා දුන් බවත් එම මිසයිල දැන් භාවිත කිරීමට පටන් ගෙන ඇති බවත්ය.

මෙම ආයුධ මාර්තු මාසයේදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අනුමත කරන ලද ඩොලර් මිලියන 300 (පවුම් මිලියන 240) ආධාර පැකේජයක කොටසක් වන බවද සදහන් වේ.

දිගු දුර බැලස්ටික් මිසයිලවල පළමු ප්‍රහාරය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත අවම වශයෙන් එක් වරක්වත් එල්ල කර ඇති බව අමෙරිකාව දැන් අනාවරණ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මෙම එක් දිගු දුර බැලස්ටික් මිසයිලයක් කිලෝ මීටර් 300ක් දුර ඉලක්කයකට එල්ල කළ හැකි බවද සඳහන්වේ.

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් යුක්රේනය සඳහා ඩොලර් බිලියන 61 ක නව ආධාර පැකේජයකට අත්සන් කර ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT