Saturday, May 3, 2025
Home » ගම්පොළ දවු­ල­ගල කසළ තේ ගබඩා දෙකක්

ගම්පොළ දවු­ල­ගල කසළ තේ ගබඩා දෙකක්

හිමි­ක­රුවෝ දෙදෙනා STF අත්අ­ඩං­ගු­වට

by damith
April 27, 2024 1:12 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

දිගු කලක සිට මහා පරි­මාණ කසළ තේ ගබඩා දෙකක් පව­ත්වා­ගෙන ගිය පුද්ග­ල­යන් දෙදෙ­නකු එම කසළ තේ කිලෝ­ග්‍රෑම් 27,367ක් සමඟ ගම්පොළ විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් පිරි­සක් විසින් පෙරේදා (25) දවු­ල­ගල පොලිස් වස­මේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­ස­කට ලද තොර­තු­රක් මත දවු­ල­ගල පොලිස් වසමේ කැට­කු­ඹුර, ලීම­ග­හ­කො­ටුව ස්ථානයේ හා ගම්පොළ නව­කු­රු­ඳු­වත්ත පොලිස් වසමේ ලැන්ටන් හිල් ප්‍රදේ­ශ­යේදී වැට­ලී­මක් සිදු කර ඇත. එහිදී භාවි­ත­යට නුසු­දුසු බවට සැක කෙරෙන කසළ තේ කිලෝ­ග්‍රෑම් 27,367ක් ගබඩා කර­ගෙන සිටි ලීම­ග­හ­කො­ටුව, උල­පනේ ප්‍රදේ­ශයේ පදිංචි අවු­රුදු 38 සහ 60 වය­ස්වල පසු වන දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා දවු­ල­ගල සහ නව­කු­රු­ඳු­වත්ත පොලිස් ස්ථාන වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළ­කාය පව­සයි.

සිලෝන් ටී නමින් ජාත්‍ය­න්ත­රයේ ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවෙ තේව­ලට ඇති ඉල්ලුම පහත හෙළී­මට මේ කසළ තේ මගින් සිදු වන හානිය අති­ම­හත්ය. මේ සම්බ­න්ධ­යෙන් දැඩි විම­සි­ල්ලෙන් සිටින විශේෂ කාර්ය බළ­කාය නිර­න්ත­ර­යෙන් මේ කසළ තේ ජාවා­ර­ම්ක­රු­වන් සම්බ­න්ධව විම­සි­ලි­මත්ව සිටි­මින් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට කට­යුතු කරයි. මේ වන විට විශේෂ කාර්ය බළ­කාය මෙවැනි වැට­ලීම් බොහෝ ප්‍රමා­ණ­යක් සිදු කර ශ්‍රී ලංකාවෙ ප්‍රධාන විදෙස් විනි­මය ගෙන එන තේ කර්මා­න්තය සුරැ­කී­මට ඍජු දාය­ක­ත්ව­යක් දක්වා ඇත.

පොලිස් විශේෂ කාර්ය බළ­කාය ගම්පොළ කඳ­වුරේ නිල­ධා­රීන්ට ලද තොර­තු­ර­කට අනුව පොලිස් විශේෂ කාර්ය බළ­කාය අණ­දෙන නිල­ධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති නීතිඥ වරුණ ජය­සු­න්දර මහ­තාගේ නියෝග හා උප­දෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.ඒන්.එන්. ප්‍රනාන්දු මහතා මහ­තාගේ අධි­ක්ෂ­ණ­යෙන්, සහ­කාර පොලිස් අධි­කාරි අබේ­රත්න මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් විශේෂ කාර්ය බළ­කාය ගම්පොළ කඳ­වුරේ පොලිස් පරි­ක්ෂක කේ.ඩී.ජී.පී. වික්‍ර­ම­රත්න ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ වැට­ලීම කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT