Home » රිය අන­තු­ර­කින් තුවාල ලබා රෝහ­ල්ග­තව සිටි පස්දරු පියා මරුට

රිය අන­තු­ර­කින් තුවාල ලබා රෝහ­ල්ග­තව සිටි පස්දරු පියා මරුට

by damith
April 27, 2024 1:12 am 0 comment

බඩ­ල්කු­ඹුර නග­ර­යේදී ඉකුත් 19 වැනිදා රාත්‍රී සිදුවූ රිය අන­තු­ර­කින් තුවාල ලබා මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි පස්දරු පියෙකු පෙරේදා (25) මිය­ගොස් ඇතැයි බඩ­ල්කු­ඹුර පොලි­සිය පව­සයි. මෙලෙස මිය­ගොස් ඇත්තේ බඩ­ල්කු­ඹුර තල­වත්ත පදිංචි 75 හැවි­රිදි ආර්.එම්. පිය­දාස නැමැති අයෙකි.

හෙතෙම බඩ­ල්කු­ඹුර නග­රයේ පැරැණි පොලිස් ස්ථානය ඉදි­රි­පිට ප්‍රධාන මාර්ග­යේදී එක­ව­රම පාර මාරු­වී­මට යාමේදී බඩ­ල්කු­ඹුර දෙසට යමින් සිටි යතු­රු­පැ­දි­යක ගැටී ඇත. සිද්ධි­යෙන් පසු ඔහු බඩ­ල්කු­ඹුර රෝහ­ලට ඇතු­ළ­ත්කොට වැඩි­දුර ප්‍රති­කාර සඳහා මොන­රා­ගල දිස්ත්‍රික් මහ රෝහ­ලට මාරු කිරී‍ෙ­මන් අන­තු­රුව පෙරේදා (25) මෙලෙස මිය­ගොස් තිබේ. යතු­රු­පැ­දි­කරු පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන මොන­රා­ගල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඇප මත මුදා­හැර ඇත.

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT