Home » මාතර බන්ධ­නා­ගා­ර­යට විසි­කළ තහ­නම් ද්‍රව්‍ය හසු වෙයි

මාතර බන්ධ­නා­ගා­ර­යට විසි­කළ තහ­නම් ද්‍රව්‍ය හසු වෙයි

by damith
April 27, 2024 1:02 am 0 comment

මාතර බන්ධ­නා­ගාර තාප්ප­යට ඉහ­ළින් බන්ධ­නා­ගා­රය තුළට විසි­කළ මත්ද්‍රව්‍ය ඇතුළු තහ­නම් ද්‍රව්‍ය රැසක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට එම බන්ධ­නා­ගාර නිල­ධා­රීන් ඊයේ (25) සමත්වී ඇත.

මාතර බන්ධ­නා­ගා­ර­යට පිට­තින් ඇති අංක 02 මුර අට්ටා­ලය අසල මාර්ගයේ සිට යම් පුද්ග­ල­යෙකු ඊයේ (25) පෙ.ව. 07.00ට පමණ බන්ධ­නා­ගා­රය තුළට යම් පාර්ස­ල­යක් විසි­කර ඇත. එහිදී බන්ධ­නා­ගා­රය තුළ රාජ­කා­රියේ යෙදී සිටි බන්ධ­නා­ගාර නිල­ධා­රීන් මෙම පාර්ස­ලය අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, හෑෂ් මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි පැකට් 02ක්, දුම්කොළ 10ක්, කුඩා ජංගම දුර­ක­තන 01ක් හා ආරෝ­ප­ණ­යක්, ලයි­ටර් 02ක් සහ මත්ද්‍රව්‍ය එතී­මට ගන්නා කඩ­දාසි පැකට් 01ක් එම පාර්ස­ලයේ තිබී සොයා­ගෙන තිබේ.

අත්අ­ඩං­ගු­වට ගත් තහ­නම් ද්‍රව්‍ය මාතර පොලි­ස්ථා­න­යට භාර­දී­මට කට­යුතු කර ඇති අතර, මෙම සිද්ධිය සම්බ­න්ධ­යෙන් මාතර බන්ධ­නා­ගා­රය මඟින් විම­ර්ශන කට­යුතු ආරම්භ කර ඇතැයි බන්ධ­නා­ගාර කොම­සා­රිස් (මාධ්‍ය ප්‍රකා­ශක) ගාමිණි බී. දිසා­නා­යක මහතා කියයි.

බුද්ධිකා ඉඹු­ලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT