Home » යුද හමුදා කැබ් රිය ලොරි­යක හැපිලා සැර­ය­න්ව­ර­යෙක් මරුට: දෙදෙ­න­කුට බර­ප­ත­ළයි

යුද හමුදා කැබ් රිය ලොරි­යක හැපිලා සැර­ය­න්ව­ර­යෙක් මරුට: දෙදෙ­න­කුට බර­ප­ත­ළයි

by damith
April 27, 2024 1:02 am 0 comment

මුල­තිව් මාන්කු­ලම් මුරු­කණ්ඩි ප්‍රදේ­ශයේ දී යුද හමු­දාවේ පිරි­සක් ගමන් කළ කැබ් රථ­යක් ලොරි­යක ගැටීම නිසා යුද හමු­දාවේ එක් සැර­ය­න්ව­ර­යකු මිය­ගොස් තවත් හමුදා සාමා­ජි­ක­යන් 9 දෙනෙකු ඊයේ (26 ) තුවාල ලබා තිබේ.

තුවා­ල­ක­රු­වන් කිළි­නො­ච්චිය රෝහ­ලට ඇතු­ළත් කොට ඇති අතර, ඔවු­න්ගෙන් දෙදෙ­න­කුගේ තත්ත්වය තර­මක් බර­ප­තළ බව රෝහලේ වෛද්‍ය­වරු කියා සිටි­යහ.

මිය­ගොස් ඇත්තේ 39 හැවි­රිදි ඇහැ­ටු­වැව ගල්ග­මුව ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි යුද හමුදා 07 වන සේවා බළ­කා­යට අනු­යුක්ත මුරු­ක්කණ්ඩි කඳ­වුරේ සැර­ය­න්ව­ර­යෙකි. අන­තු­රත් සමඟ කැබ් රථයේ පිටු­පස ගමන් කළ එක් සෙබ­ළකු රථ­යෙන් විසි වී ගොස් පිටු­ප­සින් පැමිණි ලොරි රථයේ ගැටී සිදුවූ අන­තු­රෙන් මිය­ගොස් තිබේ.

කැබ් රථ­යට පිටු­ප­සින් පැමිණි ලොරි රථ­යක් කැබ් රථයේ ගැටී­මෙන් අන­තුර සිදුව ඇති අතර, අන­තු­රත් සම­ඟම ලොරිය පාරෙන් ඉව­තට පැන පෙරැළී ගොස් තිබේ. කිළි­නො­ච්චිය පොලි­සිය සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වා­ගෙන යයි.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT