Wednesday, May 8, 2024
Home » සුදුසු පක්ෂ­ය­කින් දේශ­පා­ල­නයට එන්න

සුදුසු පක්ෂ­ය­කින් දේශ­පා­ල­නයට එන්න

හිටපු නියෝජ්‍ය ඇමැති පාලි­තගේ සත්දින දාන­මය පින්ක­මේදී මහා සංඝ­ර­ත්න­යෙන් තෙව­ර­ප්පෙ­රුම බිරි­යට ඇරි­යුම්

by damith
April 27, 2024 1:00 am 0 comment

ශෙරීන් තෙව­ර­ප්පෙ­රුම මහ­ත්මි­යට සුදුසු පක්ෂ­ය­කින් දේශ­පා­ල­නට එන්නයි මහා සංඝ­ර­ත්නය ඉල්ලී­මක් කරති.

මේ ඉල්ලීම කරනු ලැබුවේ පාලිත තෙව­ර­ප්පෙ­රුම හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ සත් දින දාන­මය පින්කම ශතා­ධික මහා සංඝ­ර­ත්නය සහ දස­සිල් මාතා­වන් උපා­සක උපා­සි­කා­වන් වෙනු­වෙන් මතු­ගම යට­දො­ල­වත්ත ඒ මහ­තාගේ නිවෙ­සේදී පැවති දාන­මය පින්කම අව­ස්ථා­වේ­දීය.

එහිදී අනු­ශා­ස­නාව පැවැත්වූ පයා­ගල සම­න­ක්කන්ද ගෝම­ර­කන්ද පුරාණ රාජ­මහා විහා­රා­ධි­පති ශ්‍යාමෝ­පාලි වංශික මහා­නි­කායේ මල්වතු පාර්ශ්වයේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ පස්යො­දුන් රට උප ප්‍රධාන සංඝ­නා­යක වත්තල අම­ර­වංශ නාහි­මි­යන් වැඩි දුර­ටත් පැව­සුවේ එදා බණ්ඩා­ර­නා­යක මහ­තාගේ ඝාත­න­යෙන් පසු පංච බල­වේග ප්‍රති­ප­ත්තිය ඉදි­රි­යට රැගෙන යෑමට බණ්ඩා­ර­නා­යක මැති­නිය දේශ­පා­ල­න­යට ඒමට හේන්පි­ට­ගෙ­දර ඤාණ­සීහ ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය මූලි­ක­ත්ව­යෙන් ආරා­ධනා කළා මෙන් අදත් මේ සිදු කරන්නේ මහා සංඝ­ර­ත්නය මූලික කර­ග­නි­මින් එවැ­නිම ඉල්ලී­මක් බවද උන් වහන්සේ පැව­සූහ.

මේ අව­ස්ථා­වට ශ්‍යාමෝ­පාලි වංශික මහා­නි­කායේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකු­ළ­න්දල පාර්ශ්වයේ පස් දුන් කෝර­ළයේ ප්‍රධාන සංඝ­නා­යක අග­ල­වත්ත පති­රාජ පිරි­වෙන්හි හිටපු නියෝජ්‍ය පරි­වේ­ණා­ධි­පති ආචාර්ය යට­දො­ළ­වත්තේ චන්ද්‍ර­සිරි නාහිමි සහ පයා­ගල සම­න­ක්කන්ද ගෝම­ර­කන්ද පුරාණ රාජ­මහා විහා­රා­ධි­පති ශ්‍යාමෝ­පාලි වංශික මහා­නි­කායේ මල්වතු පාර්ශ්වයේ කළු­තර දිස්ත්‍රි­ක්කයේ පස්යො­දු­න්රට උප ප්‍රධාන සංඝ­නා­යක වත්තල අම­ර­වංශ නාහිමි ප්‍රමුඛ මහා සංඝ­ර­ත්නය සහ දස­සිල් මෑණි­ව­රුන් උපා­සික උපා­සිකා යන සිව්ව­රක් පිරිස සහ පාලිත තෙව­ර­ප්පෙ­රුම මහ­තාගේ පවුලේ ඥාතීන් සහ හිතෛ­ෂීන් ඇතුළු ඒ මහ­තාට ළැදි පිරිසක් සහ­භාගි වූහ.

ගල්පාත - චන්දන ජය­ලාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT