Home » පාස්කු දෙවැනි ප්‍රහා­ර­යක් වැළැ­ක්වී­මට පිය­වර ගත් ආර­ක්ෂක නිල­ධා­රීන්ට ත්‍යාග මුද­ල­ක්වත් දී නෑ

පාස්කු දෙවැනි ප්‍රහා­ර­යක් වැළැ­ක්වී­මට පිය­වර ගත් ආර­ක්ෂක නිල­ධා­රීන්ට ත්‍යාග මුද­ල­ක්වත් දී නෑ

නිල­ධා­රීන්ගෙන් මැසි­විලි

by damith
April 27, 2024 1:00 am 0 comment

පාස්කු ඉරිදා දේව­ස්ථාන හා හෝට­ල්ව­ලට සහ­රාන් ඇතුළු පිරිස ස්ථාන අට­කදී මරා­ගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරී­මෙන් අන­තු­රුව දෙවන ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට සූදා­නම්ව සිටි පිරිස හඳු­නා­ගෙන එය වැළැ­ක්වී­මට පිය­වර ගත් කිසිදු ආර­ක්ෂක අංශ නිල­ධා­රි­ය­කුට වසර පහක් ගතවී ඇතත් කිසිදු උසස් වීමක්, ත්‍යාග මුද­ලක් හෝ ප්‍රශං­සා­වක් ලබා දී නැති බවට එම නිල­ධා­රීහු මැසි­විලි නඟති.

දෙවන ප්‍රහා­ර­යට සූදා­නම්ව සිටි සහ­රාන්ගේ සහෝ­ද­ර­යන් ඇතුළු පිරිස අත්අ­ඩං­ගු­වට ගැනී­මට යෑමේදී අම්පාර සයි­න්ද­ම­රු­දු­හිදී බෝම්බ පුපු­රු­වා­ගෙන සිය­දිවි හානි කර­ගනු ලැබුවේ ඊයේ (26) වැනි දින­කය.

සයි­න්ද­ම­රුදු සුනාමි ගම්මා­න­යට නිව­සක් කුලි­යට ගෙන පැමිණි පිරිමි තිදෙ­නකු සම්බ­න්ධ­යෙන් ප්‍රදේ­ශ­වා­සීන් ඔවුන්ගේ පදිං­චිය පිළි­බ­ඳව අක­මැත්ත ප්‍රකාශ කිරී­මේදී තමන් ඉක්ම­නින් පිටත්ව යන බව පවසා ඇත. සෑහී­ම­කට පත් නොවූ තරුණ පිරි­සක් කාර්තිවු හන්දියේ සිටි පොලිස් හා හමුදා භට පිරි­ස­කට තොර­තුරු දන්වා ඔවුන් ඒ වෙත පැමි­ණී­මේදී සැක­ක­රු­වෙක් ආර­ක්ෂක අංශ වෙත වෙඩි තබා තිබිණි. ප්‍රති­ප්‍ර­හාර හමුවේ නිවසේ සිටි පිරි­සක් බෝම්බ තුනක් පුපු­ර­වා­ගෙන තිබුණේ 2019 අප්‍රේල් 26 වැනිදා පස්වරු 6.45ත් 7ත් අතර වේලා­වේ­දීය. සෝදිසි මෙහෙ­යුම ආරම්භ කර තිබුණේ පසුදා (27) අලු­යම 5ට පම­ණය. යුද හමු­දාවේ සහාය සඳහා පොලිස් විශේෂ කාර්ය බළ­කාය සහ පොලි­සිය ද එක්ව තිබිණි. පිරි­මින් කාන්තා­වන් දරු­වන් ඇතුළු මළ සිරුරු 16ක් සමඟ අදාළ ස්ථානයේ තුවාල සහි­තව අසාධ්‍ය තත්ත්ව­යෙන් වැටී සිටි කාන්තා­වක හා දැරි­යක ආර­ක්ෂක අංශ විසින් මුදා­ගනු ලැබුවේ එහි­දීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT