සබරගමු විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ඉගෙනුම ලබන සිව්වන වසරේ ශිෂ්‍යෙයකු ඇඳ ඇතිරිල්ලක ආධාරයෙන් නේවාසිකව සිටි කාමරයේදී ගෙල වැලලාගෙන දිවි හානි කර ගැනීමට ගිය අවස්ථාවේ ඔහුගේ මිතුරන් විසින් බේරා ගෙන ඇත.
මෙසේ සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර ඇත්තේ 26 හැවිරිදි සිව්වැනි වසරේ ශිෂ්‍යයෙකි.
පෙරේදා පස්වරු 1.40ට පමණ පසු ඇඳේ ඇතිරිල්ලක් අතට ගත් මෙම ශිෂ්‍යයා එය බාල්කයේ ගැට ගසා දිවි හානි කර ගැනීමට තැත් කර ඇත. මෙය දුටු කාමරයේ සිටි ඔහුගේ මිතුරන් ක්ෂණිකව බාල්කයේ ගැටගසා තිබූ ඇතිරිල්ල ලිහා වහාම බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියට දැනුම් දී සමනලවැව රෝහලට සිසුවා යවා තිබේ.
සිසුවාගේ තත්ත්වය තරමක් බරපතළ වූ බැවින් සමනලවැව රෝහලින් බළන්ගොඩ මූලික රෝහලට ඔහු මාරු කර යවා ඇති බවත් සමනලවැව පොලිසියේ නිලධාරියෙක් පැවසීය. රෝහල්ගත කර ඇති ශිෂ්‍යාට විරුද්ධව යම් සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිහුල්ඔය සබරගමු විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විනය පරීක්ෂණයක් කර ඇති අතර, එම විනය පරීක්ෂණය තීරණයක් නොගෙන අවසන් වුවත් සවස් වන විට විශ්වවිද්‍යාල සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවත් විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධව සමනලවැව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිස්ස මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
රත්නපුර විශේෂ වාර්තාකරු - එන්.පී. රාජදොරේ