Wednesday, May 8, 2024
Home » පොලිස් පෙම්ව­ති­යට පහ­ර ­දුන් පොලිස් පෙම්වතා අත්අ­ඩං­ගු­වට

පොලිස් පෙම්ව­ති­යට පහ­ර ­දුන් පොලිස් පෙම්වතා අත්අ­ඩං­ගු­වට

by damith
April 27, 2024 12:42 am 0 comment

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාං­ශයේ සේවයේ නිර­තව සිටින නිල­ධා­රි­නි­යක් සමඟ ප්‍රේම සම්බ­න්ධ­තා­ව­යක් පව­ත්වා­ගෙන ගොස් ඇගෙන් රුපි­යල් ලක්ෂ 13කට අධික මුද­ලක් ලබා­ගෙන ඇයට පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්‍ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවයේ නිරත පොලිස් නිල­ධා­රි­යකු මුල්ලේ­රි­යාව පොලි­සිය පෙරේදා (25) අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙම නිල­ධා­රින් දෙදෙනා කාල­යක් තිස්සේ ඉතා ළඟින් ඇසුරු කර­මින් සිට ඇති බව පොලි­සිය කියයි. දෙදෙ­නාම කොස්තා­ප­ල්ව­රුන්ය. අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවයේ නිරත පොලිස් නිල­ධා­රියා විසින් අංගොඩ ප්‍රදේ­ශයේ සැලුන් ආය­ත­න­යක් ආරම්භ කර තිබෙන බව ද පොලි­සිය සඳ­හන් කරයි.

එහි කට­යුතු සඳහා පොලිස් නිල­ධා­රියා විසින් නිල­ධා­රි­නි­ය­ගෙන් රුපි­යල් ලක්ෂ 13කට අධික මුද­ලක් විටින් විට ලබා ගෙන ඇතැයි ද පොලි­සිය සඳ­හන් කළේය.

මෙම නිල­ධා­රි­නිය සිය පොලිස් පෙම්ව­තාගේ සැලුන් එකට ගිය අව­ස්ථා­වේදී දෙදෙනා අතර ඇති වූ ආර­වු­ලක් මුල් කර­ගෙන නිල­ධා­රියා විසින් නිල­ධා­රි­නි­යට පහර දී ඇත.

ඒ සම්බ­න්ධ­යෙන් නිල­ධා­රි­නිය මුල්ලේ­රි­යාව පොලි­සි­යට පැමි­ණි­ල්ලක් කර­මින් සඳ­හන් කර ඇත්තේ සිය පොලිස් පෙම්වතා මුදල් වංචා කර තමාට පහර දුන් බවය. ඒ අනුව විම­ර්ශන පවත්වා පොලිස් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ කොස්තා­ප­ල්ව­රයා අත්අ­ඩං­ගු­වට ගත් බව මුල්ලේ­රි­යාව පොලි­සිය සඳ­හන් කළේය.

ගයාන් කුමාර වීර­සිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT