Home » සබ­ර­ගමු සර­සවි සිසුවා දිවි නහ­ගන්න හදලා

සබ­ර­ගමු සර­සවි සිසුවා දිවි නහ­ගන්න හදලා

by damith
April 27, 2024 12:40 am 0 comment

සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ කෘෂි පීඨයේ ඉගෙ­නුම ලබන සිව්වන වසරේ ශිෂ්‍ය‍ෙ­යකු ඇඳ ඇති­රි­ල්ලක ආධා­ර­යෙන් නේවා­සි­කව සිටි කාම­ර­යේදී ගෙල වැල­ලා­ගෙන දිවි හානි කර ගැනී­මට ගිය අව­ස්ථාවේ ඔහුගේ මිතු­රන් විසින් බේරා ගෙන ඇත.

මෙසේ සිය­දිවි හානි කර ගැනී­මට උත්සාහ කර ඇත්තේ 26 හැවි­රිදි සිව්වැනි වසරේ ශිෂ්‍ය­යෙකි.

පෙරේදා පස්වරු 1.40ට පමණ පසු ඇඳේ ඇති­රි­ල්ලක් අතට ගත් මෙම ශිෂ්‍යයා එය බාල්කයේ ගැට ගසා දිවි හානි කර ගැනී­මට තැත් කර ඇත. මෙය දුටු කාම­රයේ සිටි ඔහුගේ මිතු­රන් ක්‍ෂණි­කව බාල්කයේ ගැට­ගසා තිබූ ඇති­රිල්ල ලිහා වහාම බෙලි­හු­ල්ඔය විශ්ව­වි­ද්‍යා­ලයේ පාලන අධි­කා­රි­යට දැනුම් දී සම­න­ල­වැව රෝහ­ලට සිසුවා යවා තිබේ.

සිසු­වාගේ තත්ත්වය තර­මක් බර­ප­තළ වූ බැවින් සම­න­ල­වැව රෝහ­ලින් බළ­න්ගොඩ මූලික රෝහ­ලට ඔහු මාරු කර යවා ඇති බවත් සම­න­ල­වැව පොලි­සියේ නිල­ධා­රි­යෙක් පැව­සීය. රෝහ­ල්ගත කර ඇති ශිෂ්‍යාට විරු­ද්ධව යම් සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් බෙලි­හු­ල්ඔය සබ­ර­ගමු විශ්ව­වි­ද්‍යා­ලයේ පාලන අධි­කා­රිය විනය පරී­ක්‍ෂ­ණ­යක් කර ඇති අතර, එම විනය පරී­ක්‍ෂ­ණය තීර­ණ­යක් නොගෙන අව­සන් වුවත් සවස් වන විට විශ්ව­වි­ද්‍යාල සිසුවා ගෙල වැල­ලා­ගෙන සිය­දිවි හානි කර ගැනී­මට උත්සාහ දරා ඇති බවත් විශ්ව­වි­ද්‍යාල ආරංචි මාර්ග සඳ­හන් කරයි.

මෙම සිද්ධිය සම්බ­න්ධව සම­න­ල­වැව පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්‍ෂක ජය­තිස්ස මහතා ඇතුළු නිල­ධා­රින් කණ්ඩා­ය­මක් පරී­ක්‍ෂණ පව­ත්වති.

රත්න­පුර විශේෂ වාර්තා­කරු - එන්.පී. රාජ­දොරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT