Saturday, May 11, 2024
Home » අලුත් අවුරුදු සමයේ ලංගම ආදායම සරු වෙයි

අලුත් අවුරුදු සමයේ ලංගම ආදායම සරු වෙයි

by chanaka
April 28, 2024 9:19 am 0 comment

අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය රුපියල් මිලියන 1,500ක පමණ ආදායමක් උපයා තිබේ.

අප්‍රේල් 5 දා සිට16 දා දක්වා මේ ආදායම උපයා ඇති බව කී එහි සභාපති ලලිත් ද අල්විස් මහතා, සතියක කාලයක් තුළ ලංගම අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 130ක් වන බවද ප්‍රකාශ කළේය.

මඟී ගමනා ගමනය අඩාළ නොවන ලෙස අලුත් අවුරුදු සමයේ අවශ්‍ය තරම් බස් රථ ධාවනයට යොදවන ලෙස ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දුන් බව කී ඒ මහතා රට පුරා සාමාන්‍ය අයුරින් ධාවනය වන බස් රථ ඇණියට අමතරව තවත් අමතර බස් රථ 700ක් යෙදවූ බව පැවසීය.

වැඩිම බස් රථ ප්‍රමාණයක් ධාවනයට එක් කරනු ලැබුයේ පසුගිය 12 වැනිදා ය.

එදින බස් රථ 1,200ක් රට පුරා ධාවන­යට එක් කළ බවත් ,අවුරුදු කාලසීමාව තුළ සිසු සැරිය බස් රථ සහ කෙටි දුර ගමන් සේවා ඇතුළු අනෙකුත් ගමනාන්තවල බස් රථ සහ බස් අමතර ඇණියේ තිබූ බස් රථ විවිධ ගමනාන්ත සඳහා යෙදවූ බවත් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT