Sunday, May 12, 2024
Home » රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට

by chanaka
April 28, 2024 10:07 am 0 comment

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු වීම සහ මූල්‍ය ස්ථායීතාව ආරක්ෂා කර ගැනීමට හැකි වීම සිදු වන බවයි.

2022 වසරේ දී නිල වශයෙන් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 360 දක්වා ඉහළ ගිය අතර එය රුපියල් 450 – 500 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝතකන ඉදිරිපත් විය. එහෙත් අද වන විට එම අනුපාතය 300ක මට්ටමේ පවත්වාගෙන යාමට හැකිව ඇති බව සේමසිංහ මහතා පෙන්වා දෙයි.

සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණයන්හි ප්‍රගතිය හඳුනා ගනිමින් රජය ගත් ආර්ථික ස්ථාවර කිරීමේ පියවරයන් මේ වන විට සාර්ථක වී ඇති බවත් ඒ හේතුවෙන් රට නව සංවර්ධන මාවතකට අවතීරණය වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT