Monday, May 13, 2024
Home » යුද හමුදා පොදු සමා කාලයේ පළමු සතියේදී 7156ක් ඉවතට

යුද හමුදා පොදු සමා කාලයේ පළමු සතියේදී 7156ක් ඉවතට

by chanaka
April 28, 2024 6:34 pm 0 comment

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

යුද හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින පිරිසට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පසුගිය 20වැනිදා සිට ලබන 20 වැනිදා දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව එහි පළමු සතියේදී 2023 දෙසැම්බර් 31 වන දින සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ යුද හමුදා සාමාජිකයින් 7143 දෙනෙකු ඔවුන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානවලින් තාවකාලිකව අස් කිරීමට කටයුතු කර තිබේ .

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර දැනට විදේශගතව සිටින යුද හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද මෙම කාලසිමාව තුළ නීත්‍යානුකූලව ඉවත් වීම සදහා කටයුතු කර ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT