Home » පැපුවානිව්ගිනියාවේ පැවති සිංහල අවුරුදු උත්සවයෙන්…

පැපුවානිව්ගිනියාවේ පැවති සිංහල අවුරුදු උත්සවයෙන්…

by sachintha
April 29, 2024 1:42 am 0 comment

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවයක් මහත් අභිමානවත්ව ඉකුත්දා පැපුවානිව්ගිනියාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා පැපුවානිව්ගිනියා මිත්‍රත්ව පදනමෙන් මෙය සංවිධාන කර තිබූ අතර, එය එරට අගනුවර වන පෝර්ට් මෝස්බි නගරයේදී පැවැත්විණි. සියලු සාම්ප්‍රදායික සිරිත් විරිත් අනුගමනය කරමින් පැවති මෙහිදී ළමා අවුරුදු කුමරා, කුමරිය තේරීම ළමා ප්‍රසංග, ළමා හා වැඩිහිටි ක්‍රීඩා ගණනාවක් පැවැත්විණි.

පැපුවානිව්ගිනියා මිත්‍රත්ව පදනමේ සභාපති සහ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් පී. එම්. එන්. බණ්ඩාර, නිශාන්ත විජේසේකර, රජීව් ෂර්මා, විකී වනී, ශාමල් සිල්වා, මහාචාර්ය රාමචන්ද්‍රන් අරුණාචලම්, හලීම් තාජුඩීන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස කේක් කපන අයුරු සහ ළමයින්ගේ නර්තනයක් සහ බැලුම් පිපිරවීමේ අවස්ථා ඡායාරූපයේ දැක්වේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT