Tuesday, May 14, 2024
Home » ඇමැති අමරවීර ඉරානයේ නිල සංචාරයක

ඇමැති අමරවීර ඉරානයේ නිල සංචාරයක

by sachintha
April 29, 2024 2:45 am 0 comment

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා ඉරානයේ නිල සංචාරයක් සඳහා පසුගිය 26 වැනිදා පෙරවරුවේ පිටත්ව ගියේය.

ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඇමැතිවරයා සහභාගි වන අතර, ඉරාන කෘෂිකර්ම ඇමැති Mohammad Ali Nikbakht මහතා හමුවී නව කෘෂි තාක්ෂණික හුවමාරු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට සහභාගි නොවීමට ඇමැතිවරයා මෙයට පෙර තීරණය කර තිබුණ ද පසුගියදා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ එරට කෘෂිකර්ම ඇමැතිවරයා විසින් මේ EXPO ප්‍රදර්ශනයට සහභාගි වන ලෙස කළ ඉල්ලීමක් අනුව එම ප්‍රදර්ශනයට ද සහභාගි වෙයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT