Saturday, May 3, 2025
Home » බෙල්ලන්විල අවට යාචකයන්ට පොලිසිය වැට බඳී

බෙල්ලන්විල අවට යාචකයන්ට පොලිසිය වැට බඳී

by sachintha
April 29, 2024 2:01 am 0 comment

මෙරට බොහෝ ආගමික ස්ථාන අවට සැරිසරන විවිධ පුද්ගලයන්ගේ සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් එම ආගමික ස්ථානවලට පැමිණෙන බැතිමතුන් හට නොයෙක් හිරිහැර වලට මුහුණ දීමට සිදුවන බව නිතර අසන්නට දකින්නට ලැබේ.

මෙවැනි තත්ත්වයක් උද්ගත වී තිබූ බෙල්ලන්විල විහාරස්ථානය අවට සිටින යාචකයන් සහ විවිධ සමජ්විරෝධී ක්‍රියා සිදුකරන පුද්ගලයින් ඉවත් කර විහාරස්ථානය අවට පරිසරය පිරිසිදු කර යථා තත්ත්වයට පත් කරීමට බොරලැස්ගමුව පොලිසිය සහ විහාරස්ථ පොලිස් මුරපල නිලධාරීන් කටයුතු කර තිබේ.

ඒ අනුව විහාරස්ථානය අවට සැරිසරමින් එම ස්ථානයට පුද පූජා කිරීමට පැමිණෙන දේශීය හා විදේශීය බැතිමතුන් සහ මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයින් හට බාධා පමුණුවන යාචකයින්, අනවසර වෙලෙන්දන්, ගැටකපන්නන් සහ ව්විධ දුක් ගැනවිලි කියමින් අත්පත්ත්‍රිකා බෙදමින් මුදල් යදින්නන් මෙලෙස පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව විහාරස්ථ පොලිස් මුරපළ නිලධාරියෙක් පැවසීය.

විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් හට විවිධ අවස්ථා වලටදී කර දර හිරිහැර කිරීම්ද වාර්තා වී ඇති බවත්, යම් පුද්ගලයින් පිං පිණිස එම ස්ථානය අවට සිටින යාචකයින් සහ අනෙකුත් පුද්ගලයන් හට ආහාර බෙදාදීම් සුදුකරන අතර එහිදී එම අහාර පාන බදා දීමට තරම් ප්‍රමාණවත් නොවූ අවස්ථාව වලදී එම බැතිමතුන් හට දෝෂාරෝපණය කර ඔවුන් පැමිණි රථ වාහන වලට පවා අලාබ හානි සිදුකර ඇත.

බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය දෙස් විදෙස් බැතිමතුන්ගේ නිරන්තර වන්දනාමානයට ලක් වන පූජණීය ස්ථානක් වන අතර ඇසල පෙරහැර, මහා පෙරහැර සහ විවිධ ආගමික උත්සව නැරඹීමට විශාල වශයෙන් විදේශිකයන් පැමිණෙන අතර විහාරස්ථානය අවට සිටින යාචකයින් සහ අනවසර වෙලෙන්දන් විසින් සිදුකරන නොමනා ක්‍රියා හේතුවෙන් අප රට සහ රටේ ඇති මෙවැනි වටිනා සිද්ධස්ථාන අපකීර්තියට පත්වේ.

විහාරස්ථානය අවට ප්‍රදේශවාසීන් පවසන්නේ මෙවැනි යාචකයන් සහ අනවශ්‍ය පුද්ගලයන් හේතුවෙන් පුදබිම අවට පරිසරය බෙහෙවින් අපිරිසිදු වී තිබූ බවත්, යාචකයන් ඔවුන්ගේ ශරීර කෘත්‍යන් සිදු කරන්නේද විහාරස්ථානය අවට බැවින් යම් ස්ථාන වලින් අධික දුර්ගන්ධයක් පවා හමන බවත් ය.

යම් යම් හේතුවෙන් නිසා සිය ජීවන තත්ත්වන් කඩාවැටී එදා වේලවත් සොයා ගැනීමට නොහැකි වූ පුද්ගලයින් මෙවැනි සිද්ධස්ථාන අසලට පැමිණ සිගමන් යදිමින් කුසට අහරක් සොයාගෙන ඔවුන්ගේ දිවි රැකගැනීම සදහා නිදහසේ යම් දෙයක් උපයාගෙන කෑමට අවස්ථාව තිබියදී, එම ස්ථාන වලට පැමිණෙන බැතිමතුන්ට හිරිහැර වන සේ එම ස්ථාන අවට රැදීම හේතුවෙන් යන්තම් කුසට අහරක් සොයාගත් කිසිදු පිළිසරණක් නැති යාචකයින්ට පවා අද එම අවස්ථාව අහිමි වී තිබේ.

විහාරස්ථානය අවට CCTV කැමරා යොදා ගනිමින් නිරන්තරයෙන් නිරීක්ෂණය කටයුතු කරන බවත් අනවසරයෙන් පුදබිම අවට ස්ථානයට පැමිණ බැතිමතුන් හට භාදා වන ලෙස හැසිරෙන පුද්ගලයින් හට නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විහාරස්ථ පොලිස් මුරපළ භාර සැරයන් දිසානායක මහතා සිදුකරන බව පොලිසිය පැවසීය.

ගල්කිස්ස – ෂෙහාන් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT