Home » කොළඹ විද්‍යා පීඨ ලියෝ සමාජයෙන් ඇල්ලන්ද ප්‍රාථමිකයේ දරුවන්ට අත හිත

කොළඹ විද්‍යා පීඨ ලියෝ සමාජයෙන් ඇල්ලන්ද ප්‍රාථමිකයේ දරුවන්ට අත හිත

by sachintha
April 29, 2024 2:01 am 0 comment

ප්‍රමාණවත් ඉගෙනුම් සම්පත් නොමැති දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ ඉගෙනුම් අවස්ථා පුළුල් කිරීම සඳහා ඔවුන්ට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම අරමුණු කර ගනිමින්, කොළඹ විශ්විද්‍යාලයීය විද්‍යා පීඨ ලියෝ සමාජය විසින් ‘ශිල්ප සවි 23’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදි.

ඒ අනුව 2024 ජනවාරි මස 29 වැනි දින වැලිමඩ, මස්පන්න ඇල්ලන්ද ප්‍රාථමික විද්‍යාලයේදී එම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන ඉතා සාර්ථක අන්දමින් දියත් කෙරිණි.

ව්‍යාපෘතියක් යටතේ රැස් කර ගත් අරමුදලින්, එම පාසලේ ඉගෙනුම ලබන විවිධ ආර්ථික දුෂ්කරතාවලින් හෙබි සියලුම සිසු දරු දැරියන් සඳහා, ඔවුන්ගේ නව පාසල් වාරය සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ කට්ටල ලබා දීම එහිදී සිදු කෙරිණි.

කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යා පීඨ ලියෝ සමාජය විසින් දියත් කරනු ලබන මෙවැනි ව්‍යාපෘති හරහා සමාජය තුළ අඩු වරප්‍රසාද ලත් සිසුන්ගේ ජීවිතවල අර්ථවත් වෙනසක් ඇති කරමින් ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කිරීම අරමුණු කරගනු ලබයි.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT