Tuesday, May 14, 2024
Home » මොනරාගල-බදුල්ල තක්කාලි ගොවීන්ගේ අස්වැන්නට ඉහළ වටිනාකමක්

මොනරාගල-බදුල්ල තක්කාලි ගොවීන්ගේ අස්වැන්නට ඉහළ වටිනාකමක්

by sachintha
April 29, 2024 1:59 am 0 comment

කිලෝවක් රු. 50 බැගින් තක්කාලි ටොන් 30ක් KIST ආයතනයෙන් මිලට අරන්


මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල වගා කළ තක්කාලි කිලෝව රුපියල් දහයකටවත් විකුණාගැනීමට නොහැකිව සිටි මොහොතක තක්කාලි ටොන් 30ක් Cargills යටතේ ක්‍රියාත්මක KIST ආයතනයෙන් මිලදී ගැනීමට කටයුතු කර තිබේ.

එම ආයතනයෙන් තක්කාලි කිලෝවක් මිලදී ගෙන ඇත්තේ රුපියල් 50ටයි.

අස්වැන්න වැඩි වීමත්, ඒ සඳහා නිසි මිලක් නොමැති වීමත් හේතුවෙන් ගොවියාට අලෙවි කරගැනීමට නොහැකිව අස්වනු නෙළීම පවා අතහැර දමා තිබූ තක්කාලි ටොන් 30කට අධික ප්‍රමාණයක් මෙරට විශාලතම ආහාර සමාගමක් වන Cargills යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ වෙළෙඳ සන්නාමයක් වන KIST ආයතනයෙන් පසුගිය 26 වැනි දින තණමල්විල, ගගේයාය ප්‍රදේශයේදී මිලදී ගත්තේය.

මේ අවස්ථාවට Cargills ෆුඩ්ස් ඇන්ඩ් බේවරේජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන් කුමාරසිංහ සහ එම ආයතනයේ තණමල්විල කලාප භාර කෘෂිකර්ම නිලධාරී මනෝජ් කරුණාතිලක ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙහිදී KIST ආයතනයෙන් ගොවිබිම් වෙතම ගොස් ගොවීන්ගේ තක්කාලි අස්වනු මිලදී ගනු ලැබීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල සහ අවට ප්‍රදේශවල ගොවීන්ගෙන් ටොන් 10කට වැඩි තක්කාලි අස්වැන්නක් ද, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ වංගියාකුඹුර ඇතුළු ප්‍රදේශවලින් ටොන් 20කට අධික තක්කාලි අස්වැන්නක් ද මිලදී ගෙන ඇත. මෙහිදී අදහස් දැක්වූ එහි කළමනාකර අධ්‍යක්ෂ අර්ජුන් කුමාරසිංහ මහතා මෙලෙස පැවැසීය.

“මේ මිලදී ගත් තක්කාලි සෝස් නිෂ්පාදනයට යොදා ගන්නවා. ඉදිරියේදී ද ග්‍රාමීය ආර්ථික දියුණු කිරීමටත්, ගොවියාට ස්ථිර වෙළෙඳපොළක් දීමෙන් ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමටත්, මෙරට ගොවියා ආරක්ෂා කරගැනීමටත් කටයුතු කරනවා. ගෙවුණු වසර 25 තුළ කටයුතු කළා වගේම ඉදිරියටත් නව මානයකින් යුතුව Cargills ආයතනය කටයුතු කරනවා.”

තණමල්විල පදිංචි ටී. ජී. මාලනී මහත්මිය

“අපිට මේ වෙලාවේ තක්කාලි විකුණගන්න බැරිව තිබුණේ. විශාල මුදලක් වියදම් කරලා අපි මේ වගා සිදු කර තියෙන්නේ. මේ වතාවේ තක්කාලි අස්වැන්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට තක්කාලි කිලෝවක් රුපියල් 10කටවත් විකුණගන්න බැරුව තිබුණේ. ඒ වෙලාව‍ෙCargillsසෙහ KISTආයතන මැදිහත්ව අපේ අස්වැන්න මිලදී ගන්න කටයුතු කළා. ඇත්තටම අපි මේ වගා අතහැර දමලා වගේ තිබුණේ. මොකද සේවකයන් දමාගෙන මේ තක්කාලි කඩලා තෝරලා වෙළෙඳපොළට අරන් ගිහින් කිලෝවක් රුපියල් 10කට දීලා මොනවා කරන්නද. ඒ වගේ අවස්ථාවක තමයි Cargills සහ KISTආයතන මැදිහත්ව තක්කාලි ලොකු පොඩි කියලා කිසිදු තේරීමකින් තොරව කිලෝවක් රුපියල් 50 ගානේ මිලදී ගැනීම සිදු කළේ. මේක අපට විශාල ශක්තියක්.”Ó

එච්. ඒ. සමන්ත ගොවි මහතා

“මම කාලෙක ඉඳන්ම පහතරට එළවළු වගා කරන ගොවියෙක්. අපි කාගිල්ස් ආයතනය එක්ක එදා ඉඳන්ම වැඩ කරනවා. අස්වනු විකුණාගැනීමේදී පුදුම සහනයක් අපට තියෙන්නේ. අපට මේ තක්කාලි සාමාන්‍ය මාකට් එකට අරගෙන යන්න වුණා නම් මේක ගොවියන් දමලා කඩලා වෙනම ලොකු පොඩි ගෙඩි ලෙස තෝරලා අරගෙන ගිහිල්ලත් කිලෝවක් රුපියල් 10කට වගේ තමයි දෙන්න වෙන්නේ. එහෙම දීලා අපට මේ වගාවලට වියදම් වු මුදල සොයා ගන්න පුළුවන්කමක් නෑ. කිසිදු ලාභයක ලබන්න බෑ. එවැනි මොහොතක තමයි කාගිල්ස් ආයතනය මැදිහත් වෙලා තක්කාලි කිලෝවක් රුපියල් 50 ගානේ මිලදී ගන්නේ. මේක ගොවියන් වෙච්ච අපට ලොකු සහනයක්.”

සූරියවැව විශේෂ – නුවන් ජයසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT