Home » කෝටි 14ක හෙරොයින් මහරගමින් අල්ලයි සැකකරු හිටපු ගුවන් සෙබළෙක්

කෝටි 14ක හෙරොයින් මහරගමින් අල්ලයි සැකකරු හිටපු ගුවන් සෙබළෙක්

by sachintha
April 29, 2024 2:04 am 0 comment

රුපියල් කෝටි 14කට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු මහරගම නාවින්න සමගි මාවතේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සන්තකයේ හෙරොයින් මත්කුඩු කිලෝ 7 ග්රෑම් 60 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු හිටපු ගුවන් හමුදා සෙබළෙකි. ඔහු 2008 වර්ෂයේ නීත්‍යානුකූලව ඉවත් වූ බව සඳහන් කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සඳහා බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත අනුයුක්ත කර තිබෙන පොලිස් පරීක්ෂක ඩී. එන්. වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් එම වැටලීම සිදුකර ඇත.

එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පොලිස් පරීක්ෂක ලද රහසිගත තොරතුරකට අනුව දින කීපයක් තිස්සේ තොරතුරු රැස් කිරීමෙන් අනතුරුව මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින ප්‍රියන්ත නමැති පුද්ගලයෙකුගේ මත්ද්‍රව්‍ය මෙලෙස ජාවාරම් කරන බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මීට වසරකට පමණ ඉහතදී මාසිකව රුපියල් 45000/= ක මාසික කුලී පදනම මත සැකකරු එම නිවසේ පදිංචියට පැමිණ ඇති බව පොලිසිය කියයි. සැකකරු තදින් කැසිනෝ සූදුවට ඇබ්බැහි වූවෙකු බව පැවසේ. 45 හැවිරිදි සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුරටත් අනාවරණය කර ගැනීම සඳහා රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මහරගම පොලිසිය වෙත භාරදී ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ කණ්ඩායමේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩීඑන් වීරසිංහ පොලිස් සැරයන් 32053 කොඩිකාර 40793 තෙන්නකෝන් පොලිස් කොස්තාපල්වරුන් වන 23190 තිසේරා 94890 චතුරංග 31612 ආරියරත්න 81074 රංග මහත්වරුන් මෙන්ම බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක අනුර පොලිස් සැරයන් 40248 ප්‍රසන්න මහතා ඇතුළු කණ්ඩායමක් සහාය වූහ.

බණ්ඩාරගම බිමල් ජයසිංහ නුගේගොඩ සමූහ සමීර අබේසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT