Home » හිනිදුම අබලන් මාර්ග 10කට කාපට්

හිනිදුම අබලන් මාර්ග 10කට කාපට්

by sachintha
April 29, 2024 2:05 am 0 comment

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතාගේ ඉල්ලීම පරිදි හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ අබලන්ව තිබූ මාර්ග 10ක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල මිලියන 160කි. හිනිදුම විධායක ඉංජිනේරු කාර්යාලය විසින් මෙම මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතු කරනු ලබන අතර, මේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 10ක වියදමින් ඉඳිපලේගොඩ ධර්මාරාම මාවත කාපට් යොදා සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සම්පත් අතුකෝරළ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 දා පෙරවරුවේ ආරම්භ කරනු ලැබීය.

මෙම අවස්ථාවට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති චරිත් අසේල, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නලීන් ප්‍රියදර්ශන, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී අනිල් කාරියවසම්, මාර්ග සංවර්ධන අධිකාරියේ හිනිදුම විධායක ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු පී.ඒ.කේ සමීර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඇල්පිටිය සමූහ – චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT