Tuesday, May 14, 2024
Home » හෝමාගම ප්‍රා. ලේ. බක් මහ උළෙල දා….

හෝමාගම ප්‍රා. ලේ. බක් මහ උළෙල දා….

by sachintha
April 29, 2024 2:05 am 0 comment

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධාන කළ, බක් මහ උළෙල හෝමාගම මධ්‍යමහා විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.

හෝමාගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී. චින්තක මහතාගේ ආරාධනයෙන්, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී.ඒ. විජේසිරි මහතා සහභාගි විය.

අලුත් අවුරුදු සතුට, සාමය, සමගිය, සහ එකමුතුකම, වඩාත් ඉස්මතු වන ලෙස, හෙළ සිරිතට විරිතට වඩාත් අගයක් එක්කරමින්, ජන ක්‍රීඩා සහ විනෝද ජනක ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.

නිලදරුවන් සහ ඔවුන්ගේ දරුවන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නර්තනාංග, බක් මහ උළෙල වඩාත් ඒකාලෝක කරන ලද අතර, විවිධ තරඟවලින් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණි.

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT